zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

මෙක්සිකෝ නගරය මසකට සෙන්ටිමීටර 2 බැගින් ගිලා බසින බව හෙළිවේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

මෙක්සිකෝවේ අගනුවර වන මෙක්සිකෝ නගරය (Mexico City) අතිශය වේගයකින් පොළොවට ගිලා බසිමින් පවතින බව NASA ආයතනයේ නවතම රේඩාර් දත්ත මඟින් අනාවරණය වී තිබෙනවා. ලොව බලගතු ම රේඩාර් පද්ධතියක් සහිත චන්ද්‍රිකාවක් මඟින් ලබාගත් දත්තවලට අනුව, නගරයේ ඇතැම් ප්‍රදේශ මසකට සෙන්ටිමීටර 2ක් තරම් ඉහළ වේගයකින් පහළට යන බව තහවුරු වී තිබෙනවා.

නව තාක්ෂණික අනාවරණය NASA සහ ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) එක් ව දියත් කළ Nisar චන්ද්‍රිකාව මඟින් නගරයේ මෙම භූගත වෙනස්වීම් තත්‍ය කාලීනව නිරීක්ෂණය කරනු ලබනවා. වලාකුළු හෝ ඝන වනාන්තර අතරින් පවා පෘථිවි පෘෂ්ඨයේ සිදුවන ඉතා කුඩා වෙනස්කම් හඳුනාගැනීමේ හැකියාව මෙම පද්ධතිය සතුයි. මීට පෙර අධ්‍යයනය කිරීමට අපහසු වූ නගර සීමාවෙන් පිටත ප්‍රදේශ පවා නිරීක්ෂණය කිරීමට මින් අවස්ථාව ලැබී තිබෙනවා.

විශේෂඥයන් පවසන පරිදි, මෙම භයානක තත්ත්වයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ භූගත ජලය අධික ලෙස පරිභෝජනය කිරීමයි. මෙක්සිකෝ නගරය පිහිටා ඇත්තේ පැරණි වැවක් තිබූ මෘදු මැටි සහිත භූමියක බැවින්, භූගත ජල නිධිවලින් ජලය පොම්ප කිරීමේ දී පස හැකිලී ගොස් නගරය පහතට ගිලා බසිනවා. වර්ෂාවෙන් ජලය නැවත පිරවෙන වේගයට වඩා වැඩි වේගයකින් ජලය ලබාගැනීම නිසා මෙම තත්ත්වය උග්‍ර වී ඇති බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

නගරයේ ඓතිහාසික ගොඩනැගිලි ඇලවීම සහ මහාමාර්ග විකෘති වීම මෙහි බලපෑම් ලෙස දැක්විය හැකියි. නගරයේ සංකේතයක් වන ‘Angel of Independence’ පිළිමය අවට භූමිය ගිලා බැසීම හේතුවෙන්, එහි පාදමට පසුගිය කාලය තුළ අලුතින් පඩි පෙළවල් 14 ක් එක් කිරීමට බලධාරීන්ට සිදුවී තිබෙනවා. නගරයේ ප්‍රධාන ගුවන්තොටුපළ ද වේගයෙන් ගිලා බසින ප්‍රදේශ අතරට ඇතුළත් වනවා.

ගිලා බැසීම හේතුවෙන් නගරයේ ජල නල පද්ධති කැඩී යන අතර, එමඟින් නගරයට සපයන ජලයෙන් 40% ක් පමණ අපතේ යන බව ද වාර්තා වනවා. දේශගුණ විපර්යාසය නිසා වර්ෂාපතනය අඩුවීම ද මෙම අර්බුදය තවත් දරුණු කරවනවා. ජලය ලබාගැනීම නැවැත්වීම නගරයේ පැවැත්මට බලපාන බැවින්, මෙම ගිලා බැසීම පාලනය කිරීම ඉංජිනේරුවන්ට විශාල අභියෝගයක් වී තිබෙන බවයි පෙනෙන්නට ඇත්තේ.

Nisar පද්ධතිය මගින් ලබා දෙන මෙම දත්ත මඟින් ඉදිරියේ දී මෙවැනි ගිලා බසින නගර, ගිනි කඳු සහ නායයෑම් පිළිබඳ වඩාත් නිවැරැදි පුරෝකථනයන් කිරීමට හැකිවනු ඇතැ යි විද්‍යාඥයන් විශ්වාස කරනවා.



from Vidusara Science Magazine https://ift.tt/k24QFax
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!