zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

සාගරය හරහා ඉදිකෙරෙන යෝජිත දැවැන්ත වේල්ලෙන් AMOC බේරාගත හැකි ද?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ලෝකයේ දේශගුණය නියාමනය කිරීමේලා ප්‍රධාන භූමිකාවක් ඉටු කරන අත්ලාන්තික් මධ්‍යස්ථල ප්‍රතිවර්තන සංසරණය (AMOC – Atlantic Meridional Overturning Circulation) නම් සාගර ප්‍රවාහ පද්ධතිය බිඳවැටීමේ තර්ජනයකට මුහුණ දී තිබෙනවා. මෙම විනාශකාරී තත්ත්වයෙන් පෘථිවිය බේරා ගැනීම සඳහා රුසියාව සහ ඇලස්කාව අතර පිහිටි බෙරිං සමුද්‍ර සන්ධිය හරහා දැවැන්ත වේල්ලක් ඉදිකිරීමේ යෝජනාවක් පිළිබඳව නවතම විද්‍යාත්මක අධ්‍යයනයක් මගින් කරුණු අනාවරණය කර තිබෙනවා.

නිවර්තන කලාපයේ සිට උණුසුම් සහ ලවණතාවයෙන් වැඩි ජලය උතුරු දෙසට ගෙනයාම AMOC මගින් සිදු කෙරෙනවා. මෙය යුරෝපය ඇතුළු කලාප ගණනාවක උෂ්ණත්වය පාලනය කිරීමට සහ සාගර ජීවීන් පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය සාධකයක් වනවා. එහෙත් ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් උත්තර ධ්‍රැවීය අයිස් දියවීම නිසා සාගර ජලයේ ලවණතාවය අඩුවීම සහ ජලය උණුසුම් වීම හේතුවෙන් මෙම ප්‍රවාහය දුර්වල වෙමින් පවතින බව පර්යේෂකයෝ පෙන්වා දෙනවා. නවතම දත්ත පෙන්වා දෙන්නේ 2100 වසර වන විට මෙම ප්‍රවාහය 43% සිට 59% දක්වා ප්‍රමාණයකින් මන්දගාමී විය හැකි බවයි. මෙය බිඳ වැටුණහොත් උතුරු යුරෝපයේ උෂ්ණත්වය සීඝ්‍රයෙන් පහත වැටීම, නියඟය සහ උතුරු ඇමරිකාවේ මුහුදු මට්ටම අඩි 1.6ක් පමණ ඉහළ යාම වැනි දරුණු ප්‍රතිවිපාක ඇති වීමේ හැකියාව තිබෙනවා.

මේ බලපෑම පාලනය කිරීමට නෙදර්ලන්තයේ Utrecht විශ්ව විද්‍යාලයේ පර්යේෂක Jelle Soons ඇතුළු පිරිස යෝජනා කරන්නේ, පැසිෆික් සාගරය සහ ආක්ටික් සාගරය වෙන් කරමින් සැතපුම් 51ක දිගින් යුත් වේලි පද්ධතියක් ඉදිකිරීමටයි. මීට වසර මිලියන 3කට පෙර, බෙරිං සමුද්‍ර සන්ධිය ගොඩබිමෙන් යා ව තිබූ අවධියේදී AMOC ප්‍රවාහය ඉතා ශක්තිමත්ව පැවති බව පර්යේෂණ මගින් තහවුරු වී තිබෙනවා. මෙම නව යෝජනාව මඟින් එම ස්වභාවික තත්ත්වය යළි නිර්මාණය කිරීමට බලාපොරොත්තු වනවා.

මෙම ව්‍යාපෘතිය තාක්‍ෂණික ව කළ හැකි මට්ටමේ තිබුණ ද, එය ක්‍රියාත්මක කිරීම අතිශය දුෂ්කර කාර්යයක් වනවා. දැනට ලොව පවතින විශාලතම වේලිවලට සමාන ගැඹුරකින් සහ දිගකින් යුක්ත වුව ද, දුරස්ථ පිහිටීම, ප්‍රබල සාගර දියවැල් සහ අයිස් තට්ටු මෙන් ම රුසියාව සහ ඇමරිකාව අතර පවතින භූ-දේශපාලනික තත්ත්වයන් මෙම දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතියට හරස් වනවා.

එසේ ම, මෙමඟින් සාගර ජීවීන්ට, මත්ස්‍ය කර්මාන්තයට, නාවික ගමන් මාර්ගවලට සහ එම ප්‍රදේශයේ වෙසෙන ස්වදේශික ජනතාවට අහිතකර බලපෑම් එල්ල විය හැකි බවයි අනෙකුත් විද්‍යාඥයන් පවසන්නේ. වඩාත්ම අවදානම් සහගත කරුණ වන්නේ, AMOC ප්‍රවාහය දැනටමත් සැලකිය යුතු ලෙස දුර්වල වී ඇත්නම්, මෙම වේල්ල මගින් එහි බිඳවැටීම තවත් වේගවත් වීමේ යම් බලපෑමක් ද තිබිය හැකි වීමයි.

මෙම භූ-ඉංජිනේරු ක්‍රමය මඟින් AMOC බිඳවැටීම තාවකාලිකව ප්‍රමාද කළ හැකි වුව ද, එය දේශගුණික විපර්යාස සඳහා ස්ථිර විසඳුමක් නො වන බව විද්‍යාඥයන්ගේ අදහසයි. මෙම අවදානම අවම කර ගැනීම සඳහා ඇති වඩාත් ම විශ්වාසදායක සහ සෘජු මාර්ගය වන්නේ හරිතාගාර වායු විමෝචනය කප්පාදු කිරීම බව බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා කාර්යාලයේ සාගර විද්‍යාඥ ජොනතන් බේකර් පෙන්වා දෙනවා.



from Vidusara Science Magazine https://ift.tt/fq60RTv
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!