උදා වූ නව වසරේ දී SpaceX සමාගමේ Starlink චන්ද්‍රිකාවල දැවැන්ත සංක්‍රමණයක් සිදු වීමට නියමිතයි.
දැනට පෘථිවියට කිලෝමීටර් 550ක් පමණ ඉහළින් කක්ෂගත ව පවතින 4,400ක් පමණ සංඛ්‍යාවකින් යුතු Starlink බ්‍රෝඩ්බෑන්ඩ් චන්ද්‍රිකා ගණනක් 2026 වසර තුළ දී කිලෝමීටර් 480ක උන්නතාංශයක් දක්වා පහතට ගෙන එනු ඇති.
SpaceX සමාගමේ Starlink ඉංජිනේරු අංශයේ උප සභාපති මයිකල් නිකොල්ස් පසුගිය බ්‍රහස්පතින්දා X පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, මෙම පියවර ගැනීමට ප්‍රධාන හේතු දෙකක් ඇති බවයි.
“සූර්ය ක්‍රියාකාරිත්වය අවම වන කාලසීමාව ළඟා වෙත් ම, වායුගෝලීය ඝනත්වය අඩු වේ. මෙහි අර්ථය වන්නේ ඕනෑ ම උස මට්ටමක දී වස්තුවක් ස්වභාවික ව කක්ෂයෙන් ගිලිහී වැටීමට ගතවන කාලය වැඩි වන බවයි. කක්ෂය පහත් කිරීම මඟින් සූර්ය ක්‍රියාකාරිත්වය අවම කාලයේ දී මෙම කාලය 80% කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරගත හැකියි. එනම් වසර 4කට වඩා වැඩි කාලයක් ගතවන ක්‍රියාවලිය මාස කිහිපයක් දක්වා අඩු වනු ඇති,” යනුවෙන් නිකොල්ස් සිය X පණිවිඩයේ සඳහන් කරනවා. “එමෙන් ම, කිලෝමීටර් 500 ට වඩා අඩු උසක දී අභ්‍යවකාශ සුන්බුන් සහ අනෙකුත් චන්ද්‍රිකා පද්ධති පවතින ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු බැවින්, එකිනෙක ගැටීමේ සමස්ත අවදානම ද අඩු වනවා.”
සූර්ය ක්‍රියාකාරිත්වය වසර 11ක චක්‍රයක් අනුව වැඩි වීම සහ අඩු වීම සිදුවනවා. දැනට පවතින 25 වන සූර්ය චක්‍රයේ උපරිම අවධිය අප දැන් පසුකරමින් සිටිනවා විය හැකියි. මීළඟ සූර්ය ක්‍රියාකාරිත්වය අවම වන අවධිය 2030 වසරේ දී හෝ ඒ ආසන්න කාලයක දී අපේක්ෂා කෙරෙනවා.
නිකොල්ස් පෙන්වා දුන් පරිදි, සූර්ය ක්‍රියාකාරිත්වය නිසා වායුගෝලයේ ඇතිවන වෙනස්කම් චන්ද්‍රිකා මෙහෙයවන්නන්ට ඉතා වැදගත් වේ. සූර්යයා ක්‍රියාකාරී මට්ටමක පවතින විට වායුගෝලය ඝන වන අතර, එමඟින් යානා මත ඇතිවන ඝර්ෂණ බලය වැඩි වී ඒවා වේගයෙන් පහළට ඇද දමනවා. සූර්ය ක්‍රියාකාරිත්වය අඩු මට්ටමක පවතින විට සිදුවන්නේ එහි ප්‍රතිවිරුද්ධ දෙයයි.
2026 වසරේ දී සිදුවන මෙම පහතට සංක්‍රමණය වීමේ ක්‍රියාවලියට SpaceX සමාගමේ Starlink මහා චන්ද්‍රිකා පොකුරෙන් (megaconstellation) අඩක් පමණ ඇතුළත් වනවා. දැනට මෙම පද්ධතිය ක්‍රියාකාරී අභ්‍යවකාශ යානා 9,400කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත වන අතර, එම ප්‍රමාණය නිරන්තරයෙන් වර්ධනය වෙමින් පවතිනවා. මෙම චන්ද්‍රිකා සමූහය ඉතා ඉහළ විශ්වසනීයත්වයකින් යුක්ත අතර නිකොල්ස් පවසන පරිදි දැනට කක්ෂයේ පවතින්නේ අක්‍රීය වූ Starlink චන්ද්‍රිකා දෙකක් පමණයි.
පෘථිවි ආසන්න පහළ කක්ෂය හෙවත් Low Earth Orbit (LEO) වර්තමානය වන විට වඩ වඩාත් තදබදයට ලක් වෙමින් පවතිනවා. මීට ප්‍රධානතම සාධකය වන්නේ Starlink පද්ධතියයි. දැනට ක්‍රියාකාරී මට්ටමේ පවතින සමස්ත චන්ද්‍රිකා ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් ම මෙම දැවැන්ත චන්ද්‍රිකා ජාලයට අයත් වනවා.
නිම්නා අමරසේකර
from Vidusara Science Magazine https://ift.tt/WjENUcp
via Magazine






Post a Comment