zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

HIV මුළුමනින් ම සුව කළ හැකි මඟක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

පර්යේෂකයන් විසින් ආසාදිත සෛලවලින් HIV වෛරසය ඉවත් කිරීම සඳහා CRISPR ජාන සංස්කරණ තාක්ෂණය සාර්ථක ව භාවිත කර තිබෙනවා.

​මෙය ස්ථිර HIV ආසාදනයේ ස්ථිරසාර සුවයක් කරා තැබූ දැවැන්ත පියවරක් ලෙස සැලකෙනවා.

​ඇම්ස්ටර්ඩෑම් UMC හි පර්යේෂකයන් විසින් ආසාදිත ටී-සෛල තුළ ඇති HIV DNA ඉවත් කිරීම සඳහා CRISPR-Cas ජාන සංස්කරණ තාක්ෂණය සාර්ථකව යොදා ගනිමින් ඒඩ්ස් මර්දන සටනේ ඓතිහාසික සන්ධිස්ථානයක් පසුකර තිබෙනවා. නූතන ප්‍රතිවෛරස් ප්‍රතිකාර මඟින් වෛරසය හඳුනාගත නො හැකි මට්ටමට මර්දනය කළ හැකි වුවත්, HIV වෛරසය අක්‍රිය ව සැඟවී ඇති ‘ගුප්ත සංචිත’ හෙවත් latent reservoirs විනාශ කිරීමට ඒවා අපොහොසත් ව තිබුණා. මෙම විද්‍යාඥයින් විසින් අණුක ‘කතුරක්’ වැනි තාක්ෂණයක් භාවිත කරමින්, මෙසේ සැඟවී ඇති වෛරස් අනුක්‍රමයන් සම්පූර්ණයෙන් ම ඉලක්ක කර ඉවත් කිරීමට සමත් ව තිබෙනවා. මෙය බෝවන රෝග පිළිබඳ පර්යේෂණ ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් තිස්සේ අපේක්ෂා කළ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකියි.

​මෙම ජයග්‍රහණය ඔස්සේ ලද තාක්ෂණික පිම්ම මඟින් HIV ප්‍රතිකාර ක්‍රමය ජීවිත කාලය පුරා ම පාලනය කිරීමේ සිට ස්ථිර සුවයක් ලබා දීම දක්වා මූලික වෙනසකට ලක් කරනු ඇති බවයි පර්යේෂකයන් විශ්වාස කරන්නේ. ඇම්ස්ටර්ඩෑම්හි පර්යේෂණ කණ්ඩායම ලැබූ මෙම සාර්ථකත්වය මඟින් පෙන්නුම් කෙරෙන්නේ, CRISPR මෙවලම HIV වෛරසය එහි මුල් අවස්ථාවේ දී ම සොයාගෙන විනාශ කිරීමට නිවැරැදි ව සැකසිය හැකි බවයි. මිනිස් සිරුර තුළ මෙහි ආරක්ෂිත බව සහ දිගුකාලීන කාර්යක්ෂමතාව තහවුරු කිරීමට තවදුරටත් සායනික පරීක්ෂණ අවශ්‍ය වුව ද, මානව ජීනෝමයෙන් HIV භෞතික ව ඉවත් කිරීමට ඇති හැකියාව හරහා මෙම වසංගතයේ අවසානය ප්‍රථම වතාවට දෘශ්‍යමාන වනවා.

නිම්නා අමරසේකර

 



from Vidusara Science Magazine https://ift.tt/o7RTcuQ
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!