zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

වසර මිලියනයක් පැරැණි මානව හිස් කබල මිනිසාගේ පරිණාමය අලුතෙන් ලියන ලකුණු

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

චීනයෙන් හමුවූ මිලියන වසරකට පෙර සිට පැවත එන මානව හිස්කබලක්, අපගේ විශේෂය වන හෝමෝ සේපියන්ස්, අප බලාපොරොත්තු වූවාට වඩා අවම වශයෙන් වසර ලක්ෂ පහකට පෙර සිට පැවත එන බව නව අධ්‍යයනයකින් පසු පර්යේෂකයන් යෝජනා කරනවා.

එමෙන් ම, අප නියැන්ඩර්තාල් ඇතුළු අනෙකුත් සහෝදර මානව විශේෂ සමඟ, මීට පෙර විශ්වාස කළාට වඩා බෙහෙවින් දිගු කාලයක් එකට ජීවත් ව සිට ඇති බව ද ඔවුන් යෝජනා කරනවා.

විද්‍යාඥයන් පවසන්නේ ඔවුන්ගේ මෙම විශ්ලේෂණය මානව පරිණාමය පිළිබඳ අපගේ අවබෝධය “සම්පූර්ණයෙන්ම වෙනස් කරන” බවයි. එය එසේ නම්, අපගේ ඉතිහාසයේ ඉතා වැදගත් සමාරම්භක අවස්ථාවක් ප්‍රතිරචනය කිරීමට සමත් සොයාගැනීමක් වනු නො අනුමානයි.

නමුත්, අපගේ ඉස්මතුවීම පිළිබඳ මතභේද බහුල අතර, ක්ෂේත්‍රයේ වෙනත් විශේෂඥයන් පවසන්නේ, නව අධ්‍යයනයේ නිගමන සම්භාව්‍ය වුවත් ඒවා නිශ්චිත බවට තවමත් තහවුරු වී නැති බවයි.

“අපට ප්‍රතිඵලය ලැබුණු විට, එය විශ්වාස කළ නොහැකි යැයි අපි සිතුවා. එය එතරම් ඈත අතීතයකට ඇදී යන්නේ කෙසේද?” යනුවෙන් විශ්ලේෂණයට සම-නායකත්වය දුන් ෆුඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෂිජුන් නි පවසනවා. “නමුත් අපි එය නැවත නැවතත් පරීක්ෂාවට ලක් කළා. සියලු ආකෘතිවලින්, සියලු ක්‍රම භාවිතයන්ගෙන් ලද ප්‍රතිඵලය ගැන අප දැන් සිටින්නේ විශ්වාසයෙන්. ඒ වගේ ම අපි ඇත්තෙන් ම ඉතා ම උද්දීපනය වී සිටිමු.”

යුන්ෂියන් 2 ලෙස නම් කරනු ලැබ ඇති මේ හිස් කබල සොයාගත් විට විට විද්‍යාඥයන් උපකල්පනය කළේ එය හෝමෝ ඉරෙක්ටස් මානව විශේෂයට අයත් ව තිබූවක් බවයි. එසේ සිතීමට හේතුව වී තිබුණේ, එය වසර මිලියනයකට පෙර පැවතියෙන් ඒ වන විට වඩා සංවර්ධිත මිනිසුන් බිහි වී සිටිය නො හැකි බවට පැවති චින්තනයයි. පොදු පිළිගැනීම නම් හය ලක්ෂයකට පෙර හෝමෝ ඉරෙක්ටස් වෙතින් හෝමෝ නියැන්ඩර්තාල් සහ හෝමෝ සේපියන්ස් විශේෂ දෙක විභේදනය වී බවයි.

නමුත් යුන්ෂියන් 2 පිළිබඳ නව විශ්ලේෂණය, පර්යේෂණ කණ්ඩායමෙන් ස්වාධීනව විශේෂඥයන් විසින් ද සමාලෝචනය කර ඇති අතර, එය හෝමෝ ඉරෙක්ටස් නොවන බව යෝජනා කර තිබෙනවා.

එය දැන් හෝමෝ ලොන්ගි නම් සහෝදර විශේෂයක මුල් නියැදියක් ලෙස විශ්වාස කෙරුණත් එය නියැන්ඩර්තාල් සහ හෝමෝ සේපියන්ස් හා සමාන සංවර්ධන මට්ටමක පවතිනවා. ජානමය සාක්ෂිවලට අනුව, එය ඔවුන් සමඟ එකට පැවති බව යෝජනා කරන අතර, එබැවින් යුන්ෂියන් 2 වසර මිලියනයකට පෙර පෘථිවියේ ඇවිද ගියේ නම්, විද්‍යාඥයන් පවසන පරිදි, නියැන්ඩර්තාල් සහ අපගේම විශේෂයේ මුල් අනුවාද ද එකල පැවත සිටින්නට ඉඩ තිබෙනවා.

නිම්නා අමරසේකර

 



from Vidusara Science Magazine https://ift.tt/ETlW3Ag
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!