zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඇට්ලස් ධූමකේතුවක් ම බව තහවුරු කරන සුපැහැදිලි ඡායාරූප

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

සෞරග්‍රහ මණ්ඩලය හරහා යාමට පැමිණෙන තෙවැනි අන්තර්තාරීය අභ්‍යවකාශ වස්තුව ලෙස සැලකෙන 3I/ATLAS ගේ මෙතෙක් ලබාගත් පැහැදිලි ම ඡායාරූප ලබාගන්නට චිලීහි පිහිටි Gemini South නිරීක්ෂණාගාරයේ විද්‍යාඥයන් සමත් ව සිටිනවා. අගෝස්තු 27 වැනි දා ලබාගැනුණු මේ ඡායාරූප කිහිපය, මෙම වස්තුවේ ලබාගැනුණු මුල් ම බහු වර්ණ ඡායාරූප කිහිපය අතරට ද වැටෙනවා.

මේ ඡායාරූප කිහිපය හොඳින් අධ්‍යයනය කිරීමේ දී ඇට්ලස් යනු ධූමකේතුවක් නොව පිටසක්වළ යානයක් ය යනුවෙන් නැඟුණු උපකල්පන නිෂේදනය කර දැමිය හැකි ලක්ෂණ දැකිය හැකි වනවා. එනම් ධූමකේතුවක් සතු ඝන අයිස් න්‍යෂ්ටිය සහ එය වටා පුළුල් ව පැතිරී ඇති වායුමය සහ දූලිමය වලාව හෙවත් කෝමාව මෙහි පැහැදිලි ව දැකබලාගත හැකියි. එසේ ම හිරුට ප්‍රතිවරුද්ධ දෙසට විහිදෙන දිගු වල්ගයක් ද පැහැදිලිව ඉන් දැකබලාගත හැකියි.

‘මේ නව ඡායාරූප බොහොම පැහැදිලි ලෙස පෙන්වා දෙනවා 3I/ATLAS යනු ධූමකේතුවක් බව’ එංගලන්තයේ ලැන්කශයර් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥ ආචාර්ය මාක් නොරිස් පෙන්වා දෙනවා.

2025 ජුලි 01 වැනි දා හඳුනාගැනුණු මේ අන්තර්තාරීය වස්තුව ධූමකේතුවක් බවට මුල පටන් විශ්වාස කෙරුණත්, හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ සෛද්ධාන්කික භෞතිකන විද්‍යාඥයෙකු වන ඇවි ලොයෙබ් ඇතුළු කණ්ඩායමක් පළ කළ අධ්‍යයන වාර්තාවකින්, එය පිටසක්වළ යානාවක් විය හැකි බවට මතයක් ප්‍රකාශයට පත් කර තිබුණා. ලැව්ගින්නක් මෙන් වේගයෙන් පැතිර ගිය එම වාර්තාව සමපදස්ථ විවරණයකට (peer review) ලක් ව නො තිබූ අතර, නවතම ඡායාරූප මඟින් නිෂේධනය කර දැමෙන බව පෙනෙනවා.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/7xA3MDf
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!