zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ක්‍රිමියාවේ පිහිටි රේඩියෝ දුරේක්ෂයක් යුක්‍රේන ප්‍රහාරයකින් විනාශයට

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ක්‍රිමියාවේ පිහිටි RT-70 යෝධ රේඩියෝ දුරේක්ෂය යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් විනාශයට පත් ව තිබෙනවා. එය අතීතයේ සිදු වූ අඟහරු මෙහෙයුම් මෙන් ම පිටසක්වළ බුද්ධිමත් ජීවීන් සෙවීමේ මෙහෙයුම් සඳහා ද දායකත්වය සපයා තිබෙනවා.

2014 වසරේ රුසියාව විසින් ක්‍රිමියානු අර්ධද්වීපය සිය අණසකට යටත් කරගත් පසු මෙම දුරේක්ෂය ද ඔවුන් යටතට පත්වුණා. යුක්‍රේන ආරක්ෂණ බලකාය විසින් මීටර 70ක විෂ්කම්භයෙන් යුතු යෝධ ඇන්ටනා දීසිය විනාශයට පත් කළේ, රුසියාව එහි සහාය ලබාගනිමින් සිය රටට එරෙහි ව සිදු කළ හැකි ප්‍රහාර එල්ලකිරීම් වැළැක්වීමටයි. ඇතැම් මූලාශ්‍ර පෙන්වා දෙන්නේ රුසියාව විසින් මෙට්‍රික් ටොන් 5000ක් බරැති මේ ව්‍යුහයේ අලුත්වැඩියා කරමින් මිලිටරිමය සන්නිවේදනය සඳහා උචිත වන ලෙස සකසා තිබූ බවයි.

ඇමරිකාවේ GPS හෙවත් ගෝලීය පිහිටුම්කරණ පද්ධතියට ප්‍රතිචාර වශයෙන් රුසියාවෙන් දියත් කරන ලද එවැනි ම චන්ද්‍රිකා යාත්‍රණ පද්ධතියක් වූ GLONASS පද්ධතියේ හැසිරවීම සඳහා යොදාගත් ඇන්ටනාවක් වශයෙන් ද මෙය කටයුතු කර තිබෙනවා. වාර්තා පෙන්වා දෙන පරදි GLONASS හි නිරවද්‍යතාව 30%කින් වැඩි කරන්නට ද RT-70 සමත් වී තිබෙනවා.

1970 ගණන්වල දී සෝවියට් දේශය සිය අභ්‍යවකාශ වැඩපිළිවෙළ වෙනුවෙන් ගොඩනංවන ලද මෙම දුරේක්ෂය 70 සහ 80 දශකවල සෝවියට් පාර්ශ්වයෙන් සිදු වූ සිකුරු මෙහෙයුම් සමඟ සන්නිවේදනය පවත්වාගැනීම සඳහා ද යොදාගෙන තිබෙනවා. 2000 වසරෙන් පසු පිටසක්වළ ජීවයක් සෙවීමේ අරමුණින් යැවෙන රේඩියෝ සංඥා සඳහා ද අවස්තා ගණනාවක දී මෙය යොදාගෙන තිබෙනවා.

සෞන්දර්ය සෙනරත්

 

 



from Vidusara Science Magazine https://ift.tt/Izg7SFU
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!