වෛද්‍යවරුන් විසින් හෘදයාබාධ සහ ආඝාත වළක්වා ගැනීමේ දී ඇස්පිරින් ඖෂධයට වඩා උසස් ඖෂධයක් සොයාගෙන ඇති අතර, මෙම ඖෂධයේ සොයාගැනීම ලොව පුරා සෞඛ්‍ය මාර්ගෝපදේශක උපදෙස් වෙනස් කළ හැකි වනු ඇති බවට වාර්තා වනවා.
දශක ගණනාවක් තිස්සේ, බරපතල හෘද රෝගී තත්ත්වයන් අත්විඳීමේ අවදානම අවම කිරීම සඳහා මිලියන ගණනක ජනතාවට පිහිට වූයේ ඇස්ප්‍රින් ඖෂධයයි. දිනපතා අඩු මාත්‍රාවකින් ගන්නා ඇස්පිරින් රුධිරය ඇලෙන සුළු බව අඩු කරමින් හෘදයාබාධ සහ ආඝාත වළක්වනවා.
නමුත් දැන්, ලොව විශාලතම හෘද රෝග සමුළුවේ දී ඉදිරිපත් කරන ලද නව අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ, සාමාන්‍යයෙන් නියම කරන රුධිරය තුනී කරන ඖෂධයක් වන ක්ලෝපිඩොග්‍රල් (clopidogrel) වඩා ඵලදායී බවයි. එසේ ම ඉන් අමතර අවදානමක් පැන නොනඟින බවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා.
මෙම විස්මිත සොයාගැනීම මැඩ්රිඩ්හි පැවති යුරෝපීය හෘද රෝග විද්‍යා සංගමයේ සමුළුවේ දී හෙළිදරව් කරන ලද අතර, ඊට සමගාමී ව එම සොයාගැනීම Lancet වෛද්‍ය ජර්නලයේ ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය සහ ජපානය ඇතුළු රටවල් නියෝජනය කළ පර්යේෂකයන් මේ අධ්‍යයනය සඳහා එක් ව සිටි අතර, මෙම අධ්‍යයනයේ ප්‍රතිඵලවලින් හෙළි වූයේ ක්ලෝපිඩොග්‍රල් (clopidogrel) ඇස්පිරින්ට වඩා “උසස්” බවත්, ලොව පුරා සායනික පුහුණුවේදී මෙම ඖෂධය “පුළුල් ලෙස භාවිතා කිරීමට” තුඩු දිය යුතු බවත් බවත් අධ්‍යයන වාර්තාවේ දැක්වෙනවා .
නිම්නා අමරසේකර
from Vidusara Science Magazine https://ift.tt/yik4osV
via Magazine






Post a Comment