zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

මෙරට තෙවැනි නැනෝ චන්ද්‍රිකාව අද පස්වරුවේ කක්ෂයට මුදාහැරේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

මෙරට ඉංජිනේරුවන්ගේ තාක්ෂණ දායකත්වයෙන් නිපදවුණු ශ්‍රී ලංකාවේ තෙවැනි නැනෝ චන්ද්‍රිකාව අද දිනයේ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ සිට කක්ෂයට මුදාහැරීමට නියමිතයි. එය BIRDS-X Dragonfly නම් වනවා. එය ගොඩනඟා ඇත්තේ නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ සහ ජපානයේ කියුශු තාක්ෂණ ආයතනයේ සහයෝගීත්වයෙන්.

මොරටුවේ ආතර් සී. ක්ලාක් ආයතනය සඳහන් කරන පරිදි එය එය පසුගිය අගෝස්තු 24 වැනි දා SpaceX CRS-33 සැපයුම් මෙහෙයුමෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත ගෙන යනු ලැබ තිබෙනවා.

මෙරට පළමු නැනෝ චන්ද්‍රිකාව ලෙස 2019 වසරේ දී Ravana-1 අභ්‍යවකාශගත කෙරුණු අතර 2022 දී ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් පස් දෙනෙකුගේ සහයෝගිතා මෙහෙයුමක් වශයෙන් KITSUNE නැනෝ චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගතකෙරුණා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පස්වරු 2.15ට පමණ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ පිහිටි ජපානයට අයත් ‘කිබෝ’ පරීක්ෂණ මොඩියුලයෙන් BIRDS-X Dragonfly සහ තවත් නැනෝ චන්ද්‍රිකා හතරක් (GHS-1, STARS-Me2, RSP-03, Atsushi Space Challenge) කක්ෂය වෙත මුදාහැරීමට නියමිතයි. මෙම අවස්ථාව ජපාන අභ්‍යවකාශ ගවේෂණ නියෝජිතායතනයේ (JAXA) නිල YouTube නාලිකාව ඔස්සේ සජීව ලෙස විකාශය වීමට නියමිතයි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/9Oi0TkF
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!