ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය යුරේනස් වටා කක්ෂයක ගමන් කරන නව කුඩා චන්ද්‍රයෙකු සොයාගන්නට සමත් ව තිබෙනවා.
පෙරේදා (19) NASA ආයාතනය කළ නිවේදනයකට අනුව මෙම චන්ද්‍රයා කිලෝමීටර 10ක විෂ්කම්භයකින් යුතුයි. මෙය හඳුනාගෙන තිබුණේ වෙබ් දුරේක්ෂය සිය ආසන්න-අධෝරක්ත කැමරාව (near-infrared camera) භාවිතයෙන් ඉකුත් පෙබරවාරි මස කළ නිරීක්ෂණයක දීයි.
විද්‍යාඥයන් විශ්වාස කරන්නේ එය ප්‍රමාණයෙන් අතිශය කුඩා වීම නිසා ම වසර 40කට පෙර සිදු වූ වොයේජර් 2 යානයේ ආසන්න පියාසැරියෙන් ද සැඟවී සිටින්නට සමත් වූ බවයි.
යුරේනස් සතු ව හඳුනාගැනුණු චන්ද්‍රයන් 28ක් සිටි අතර ශේක්ස්පියර්ගේ සිට ඇලෙක්සැන්ඩර් පාප් වහන්සේ දක්වා නම්වලින් ඒවා නම් කරනු ලැබ තිබෙනවා. ඉන් අඩක් පමණ ම ප්‍රමාණයෙන් කුඩා වන අතර, ග්‍රහලොවට ආසන්නයෙන් ගමන් කරනවා. තවමත් නම් කර නැති නව චන්ද්‍රයාත් සමඟ යුරේනස් සතු චන්ද්‍රයන් ගණන 29 දක්වා ඉහළ යනවා.
සෞන්දර්ය සෙනරත්
from Vidusara Science Magazine https://ift.tt/1qhJ0H4
via Magazine





Post a Comment