zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

විසූවියස් විදාරණයෙන් පසු යළි පොම්පෙයි වෙත ආ පදිංචිකරුවෝ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ක්‍රි.ව. 79 දී විසූවියස් යමහල විදාරණය වීමෙන් විනාශයට පත් පොම්පෙයි නගරය වෙත, එදා දිවි බේරාගෙන පලායන්නට සමත් වූ අය පසු කාලීන ව යළි පැමිණ ඇති බව පුරාවිද්‍යාත්මක කැනීම්වලින් තහවුරු කරගන්නට පපුරාවිද්‍යාඥයන් සමත් ව සිටිනවා.

ආසන්න නගරවල සිටි අවස්ථාවාදී ජනතාව සහ ස්ථිර නිවාස නොමැති අය සමඟ එක් ව ඔවුන් යළි පොම්පෙයි නගරය වෙත පැමිණ වටිනාකියන දේ සොයා ඇති බවයි පෙනී ගොස් ඇත්තේ. එසේ ම යළි පදිංචි වීමට සුදුසු ස්ථාන සෙවීම ද ඔවුන් සිදුකර තිබෙනවා. සංඛ්‍යාත්මක ප්‍රමාණය පිළිබඳ නිශ්චිත අදහසක් නැතත්, මේ නව ජනගහනය විපතට පත් පොම්පෙයි නගරයේ නෂ්ටාවශේෂ අතර වසර 400ක් පමණ ජීවත් වී තිබෙන බවට සාධක හමු වූ බව Pompeii Archaeological Park විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක දැක්වෙනවා.

“ක්‍රි.ව. 79න් පසු, පොම්පේයි නැවත එළිදරව් වන්නේ නගරයකට වඩා අවිනිශ්චිත අළු වූ එකතුවක් ලෙසයි. එය පැරණි පොම්පේයිහි තවමත් හඳුනාගත හැකි නටඹුන් අතර එක්තැන් වූ කඳවුරක් හෝ ෆවේලාවක් වැනියි,” පොම්පේයි හි පුරාවිද්‍යා උද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

විසූවියස් යමහල විදාරණයෙන් කලකට පසු යළි ජනතාව ඒ වෙත පැමිණෙන්නට ඇති බව විශේෂඥයන් කලක පටන් ම විශ්වාස කළා. කෙසේ නමුත් මෙතෙක් එය සනාථ කළ හැකි පරිදි සාධක හමු වී තිබුණේ නැහැ. ඊට හේතුව වූයේ බොහෝ පුරාවිද්‍යාඥයින් මෙම සලකුණු සොයා ගත හැකි වූ ස්තර ඉක්මවා ගැඹුරට කැණීම් කරමින්, ගිනිකඳු පිපිරීමෙන් ඉතිරි වූ අළුවලට යටින් ඇති බිතුසිතුවම්, භාණ්ඩ සහ හිර වී මියගිය මිනිසුන්ගේ භෂ්මාවශේෂ සොයාගැනීමට වැඩි කැමැත්තක් දැක්වීමයි.

නිම්නා අමරසේකර



from Vidusara Science Magazine https://ift.tt/AKjMPB5
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!