zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Bennu ග්‍රහකයේ සෞරග්‍රහ මණ්ඩලයටත් වඩා පැරැණි දුහුවිලි අංශු

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

Bennu නම් පෘථිවියට ආසන්න ග්‍රහකයෙහි අපගේ සෞරග්‍රහ මණ්ඩලයටත් වඩා පැරණි තාරකා දූවිලි සේ ම අන්තර් තාරීය අවකාශයෙන් ආ ජෛවික ද්‍රව්‍ය සහ අයිස් අඩංගු බව, ග්‍රහකයේ සාම්පල ද්‍රව්‍ය පිළිබඳ නවතම අධ්‍යයන තුනකින් හෙළි වී තිබෙනවා.

2023 දී NASA හි OSIRIS-REx මෙහෙයුම මඟින් ග්‍රහකයේ සාම්පල පෘථිවියට ගෙන එනු ලැබීමෙන් පසු, ලොව පුරා විද්‍යාඥයන් මේ වන විට ඒවා පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරමින් සිටිනවා. මෙම මෙහෙයුම 2020 දී ග්‍රහකයට ළඟා වී, එහි ඉතා කෙටි වේලාවකට ගොඩබැස සාම්පල එකතු කර ගැනීමට සමත් වුණා.

මෙම සොයාගැනීම්, වසර බිලියන 4.6කට ඉහත දී අපගේ සෞරග්‍රහ මණ්ඩලය බිහිවීමට පෙර අන්තරික්ෂයේ තිබූ තත්ත්වයන් පිළිබඳ ඉඟි ලබා දෙන අතර, මීටර් 500කට ආසන්න (අඩි 1,600) පළල ග්‍රහකය ජනනය කළ ‘මව් ශරීරය’ ගැන තවත් තොරතුරු හෙළි කරනවා.

අගෝස්තු 22 වන දින Nature Astronomy සඟරාවේ පළ කරන ලද පර්යේෂණ පත්‍රිකාවකට අනුව බෙන්නුගේ මුතුන් මිත්තන් බිඳී යාමට ලක්වූයේ දරුණු ගැටුමකින් බවත්, එයට සංකීර්ණ ඉතිහාසයක් තිබූ බවත් වාර්තා කෙරෙනවා. එම පැරණි ග්‍රහ වස්තුවේ සූර්යයාට ආසන්නයේ ඇති, සූර්යයාගෙන් ඈත නමුත් අපගේ සෞරග්‍රහ මණ්ඩලය තුළ ඇති, සහ අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට අන්තර් තාරකා අවකාශයේ ඇති විවිධ පරිසරයන්ගෙන් ආ ද්‍රව්‍ය අඩංගු වූ බව ද හඳුනාගෙන තිබුණා.

විද්‍යාඥයන් මේ බව හඳුනාගෙන තිබු‍ණේ බෙන්නුගේ දූවිලි සාම්පලයේ ඇති සමස්ථානික, එනම් මූලද්‍රව්‍ය වර්ග, විශ්ලේෂණය කිරීමෙන්. උදාහරණයක් ලෙස, සෞරග්‍රහ මණ්ඩලයේ ආරම්භ වූ සමස්ථානිකවල සංයුතිය, අන්තර් තාරකා දූවිලිවලින් ආ ඒවාට වඩා වෙනස් ස්වභාවයක් ගනු ලබනවා.

“මෙම සියලුම අංග බෙන්නුගේ මව් ග්‍රහකය බිහිවූ ප්‍රදේශය දක්වා බොහෝ දුර ප්‍රමාණයක් ගමන් කර තිබෙනවා” යනුවෙන් පර්යේෂණ පත්‍රිකාවේ සම-ප්‍රධාන කතුවරිය සහ NASA හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ග්‍රහලෝක විද්‍යාඥවරියක වන ඈන් එන්ගුයෙන් පවසනවා.

නිම්නා අමරසේකර



from Vidusara Science Magazine https://ift.tt/i28ZLyH
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!