zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

MRI යන්ත්‍රයක් වෙත ඇදී ගොස් පුද්ගලයෙක් මරු දකී

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

M.R.I. යන්ත්‍රයක් සහිත කුටියකට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකු එය විසින් ඇදගනු ලැබ මරණයට පත් වූ පුවතක් ඇමරිකාවේ ලෝංග් අයිලන්ඩ්හි සායනයකින් වාර්තාවනවා.

ඉකුත් බදාදා සවස 4.32ට පමණ නිව්යෝකයේ වෙස්ට්බරිහි පිහිටි Nassau Open MRI වෛද්‍ය මධ්‍යස්ථානයේ පිහිටි M.R.I. යන්ත්‍රයක් සහිත මෙකී කුටියට අදාළ පුද්ගලයා ඇතුළු වී ඇත්තේ ‘විශාල ලෝහමය මාලයක්’ පැළඳගෙන සිටිය දී බව නසාව් කවුන්ටි පොලිසිය සඳහන් කර තිබෙනවා.

කුටියට ඇතුළු වීම සඳහා නිසි අවසරය හිමි අයෙකු නොවූ ඔහු 61 හැවරිදි වියේ පසු වූ බවත් M.R.I. යන්ත්‍රය වෙත ඇදගනු ලැබීමෙන් පසු ඇති වූ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් තිබුණා.

M.R.I. හෙවත් Magnetic Resonance Imaging යන්ත්‍ර, චුම්භක සහ රේඩියෝ තරංග ආයාම යොදාගනිමින් පුද්ගල ශරීර අභ්‍යන්තරයේ ඇති අවයවවල අධි විභේදන ඡායාරූප ලබාගැනීම සඳහා යොදාගැනෙනවා. M.R.I. යන්ත්‍රයක් සතු චුම්භක බලය එම කුටිය තුළ ඇති රෝද පුටුවක් වුවත් වේගයෙන් එය වෙත ඇදගැනීමට සමත්. M.R.I. යන්ත්‍රයකට රෝගියෙකු ඇතුළත් කිරීමට පෙර, පැලඳගෙන සිටින සියලු ආභරණ සහ ලෝහ කොටස් ඉවත් කරන ලෙසට උපදෙස් ලබා දෙනවා. සිරුර තුළ ඇතැම් ලෝහමය කොටස් බද්ධකිරීම්වලට ලක් වූ, හෝ අනතුරු හේතුවෙන් ලෝහමය කොටස් සිරුර තුළ තැන්පත් වී ඇති පුද්ගලයන් M.R.I. පරිලෝකන සඳහා ඇතුළත් කරගන්නේ නැහැ.

මෙවැනි අනතුරු හේතුවෙන් සිදු වූ මරණ මින් පෙර ද වාර්තා වී තිබෙනවා. 2001 දී නිව්යෝක්හි ම පිහිටි Westchester Medical Centerහි M.R.I. යන්ත්‍රයේ චුම්භක ක්ෂේත්‍රයට හසු ව තත්පරයකට අඩි 30ක ⁣වේගයෙන් ඇදී ආ ඔක්සිජන් ටැංකියක්, එහි පරිලෝකනයට ලක් වෙමින් සිටි 6 හැවිරිදි දරුවෙකුගේ හිසේ වැදීමෙන් ඔහු මරණයට පත් වුණා. 2018 දී ඔක්සිජන් ටැංකියක් අතැති ව M.R.I. කුටියට පිවිසි පුද්ගලයෙකු මෙලෙසින් ම මුහුණ පා මියගිය පුවතක් වාර්තා වුණා. 2023 දී කැලිෆෝනියා රෝහලක හෙදියක් M.R.I. යන්ත්‍රයට සහ එහි චුම්භක ක්ෂේත්‍රයට හසු ව ඇදී ආ රෝහල් ඇඳකට මැදි වීම හේතුවෙන් අස්ථි බිඳීමකට ලක් ව බරපතල තුවාල ලැබුවා.

සත්‍ය හෙට්ටිආරච්චි



from Vidusara Science Magazine https://ift.tt/4qhzVno
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!