zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ජපානයේ H-2A රොකට්ටුව විශ්‍රාම යයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සියේ (JAXA) H-2A රොකට්ටුව පසුගිය 28 දා සිය 50 වැනි පියාසැරිය සිදු කළේ GOSAT-GW චන්ද්‍රිකාව අභ්‍යවකාශයට දියත් කරමින්. ජපානයේ ටෙනෙගෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ යොෂිනෝබු දියත් කිරීීීම් සංකීර්ණයෙන්.

Greenhouse Gas and Water Cycle Observation Satellite හෙවත් GOSAT-GW හි කාර්යභාරය වන්නේ හරිතාගාර වායු සහ ජල චක්‍රයේ හැසිරීම නිරීක්ෂණය කිරීමයි. ජපානය විසින් මින් පෙර ද අවස්ථා ගණනාවක දී මෙකී විෂයේ ලා නිරීක්ෂණ කටයුතු සඳහා චන්ද්‍රිකා අභ්‍යවකාශ ගතකොට තිබෙනවා.

GOSAT-GW චන්ද්‍රිකාව දියත් කරමින් H-2A රොකට්ටුව සිදු කළ සිය 50 වැනි පියාසැරිය එහි අවසාන පියාසැරිය ද වනවා. JAXA වෙනුවෙන් මිට්සුබිෂි හෙවි ඉන්ඩස්ට්‍රීස් සමාගම විසින් තනන ලද H-2A මෙලෙම විශ්‍රාමගත වන්නේ වසර 24ක කාලයක් සේවය සලසාදීමෙන් පසුවයි.

එය මුලින් ම මෙහෙයුම් සඳහා යොදාගැනුණේ 2001 වසරේයි. මේ වසර ගණනාවට ම එය අසාර්ථක වී ඇත්තේ එක් වරක් පමණක් වන අතර, 98%ක සාර්ථක අගයක් ඉන් වාර්තා වී තිබෙනවා.

Space.com ඇසු⁣රෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/AsJkqV8
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!