zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අඟහරු මතින් හමු වූ ජෙ⁣සෙරෝ මොන්ස් යමහල

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

රතු ග්‍රහයා මත ඇති යමහලක් බවට සැක කෙරෙන පිහිටීමක් හඳුනාගන්නට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. අඟහරුගේ ජසෙරෝ ආවාටයේ බටහිර ඉවුර ආසන්නයේ පිහිටා ඇති මෙය හඳුනාගැනීම සඳහා සහාය වී ඇත්තේ NASA ආයතනයේ පර්සවරන්ස් රෝවරයයි.

2021 වසරේ ජෙසෙරෝ ආවාටයට ගොඩබට පර්සවරන්ස් රෝවරය ක්‍රමානුකූල ව වසර බිලියන 3කට ඉහත දී ගලා ගියේ යැ යි සැලකෙන ගඟක් දිගේ එහි බටහිර ඉවුර වෙත ළඟා වුණා. රෝවරය 2030 ගණන්වල දී යළි පොළොව වෙත යැවීම සඳහා එහි මතුපිට ඇති පස් හා පාෂාණ සාම්පල එක්රැස් කිරීම සිදුකළ අතර, ඒ අතර වූ ඇතැම් සාම්පල කොටස් යමහල්වලින් හටගත් ස්වභාවයක් පෙන්නුම් කරන බව පෙනී ගොස් තිබුණා.

මේ සියල්ල අවධානයට ගනිමින් ඇමරිකාවේ ඇට්ලැන්ටාහි පිහිටි ජෝර්ජියා තාක්ෂණ ආයතනයේ (Georgia Institute of Technology) James Wray ප්‍රමුඛ පර්යේෂකයන් මේ පාෂාණ සමඟ පෑහෙන මූලයක් සොයාගෙන තිබෙනවා. ඒ ජෙසෙ⁣රෝ ආවාට ඉවුරේ ගිනිකොණ දෙසින් පිහිටි ජෙසෙරෝ මොන්ස් (Jezero Mons) නමැති අක්‍රීය ගිනිකන්දයි.

අඟහරු වටා කක්ෂගත චන්ද්‍රිකාවලින් ලබාගැනුණු අධි-විභේදන ඡායාරූපවලින් හෙළි වී ඇත්තේ මේ කන්දේ මුදුන යමහලකින් නිකුත් වන අළු කැබලිවලට සමාන පාෂාණවලින් සමන්විත බවයි. ජෙසරෝ මොන්ස් කන්ද කිලෝමීටර 21ක් පළලින් ද, කිලෝමීටර 2ක් උසින් ද යුතු වන අතර, එය පෘථිවියේ ඇති යමහල්වල ප්‍රමාණයන්ට ද සමානකම් දක්වනවා.

ජෙසෙ⁣රෝ මොන්ස් අවට ඇති ආවාට වෙත අවධානය යොමු කරන ජේම්ස් ඇතුළු කණ්ඩායම අනුමාන කරන්නේ එය අදින් වසර බිලියනයකට පෙර අවසන් වරට විදාරණය වන්නට ඇති බවයි.

New Scientist ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/NzfpX6J
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!