zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

එට්නා යමහල් ලාවා ප්‍රවාහයක් චන්ද්‍රිකා නෙතට හසුවෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 

මධ්‍යධරණී මුහුදේ පිහිටි සිසිලිය නම් ඉතාලි දූපතේ තිබෙන එට්නා ගිනිකන්ද යුරෝපයේ ඇති විශාලතම සක්‍රිය යමහලයි. මීටර් 3,357 ක් එනම් අඩි 11,013 ක් උසැති එට්නා යමහල සක්‍රිය වී තිබූ මොහොතක එහි බෑවුම දිගේ පහළට අග්නි ගංගාවක් මෙන් ගලා ගිය අතිශය උණුසුම් ලාවා ප්‍රවාහයක් චන්ද්‍රිකා ඇසට ලක් වී තිබෙනවා.

පසුගිය ජූනි 2 වෙනි දින ප්‍රාදේශීය වේලාවෙන් පෙරවරු 11.20 ට මේ දර්ශනය සිය කැමරා නෙතට හසු කරගෙන තිබෙන්නෙ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය  (ESA) ට අයත් කොපර්නිකස් සෙන්ටිනෙල් 2  චන්ද්‍රිකාව මඟිනුයි. එම චන්ද්‍රිකාව හරියට ම යමහලට ඉහළින් ගමන් කරමින් තිබූ මොහොතකයි එම නිරීක්ෂණය සිදු කරනු ලැබුවේ.

මෙම යමහල් විදාරණයේ දී එයින් ඉහළට පිට වී ගිය දුම් ගොටුව කිලෝමීටර් 6.5 ක් උසට විහිදී ගොස් තිබෙනවා. එහි ප්‍රධාන වශයෙන් සල්ෆර් ඩයොක්සයිඩ් වායුව අන්තර්ගත අතර එය අධික සාන්ද්‍රණවල දී මාරාන්තිකව විෂ වායුවක් වෙනවා.
කෙසේ වෙතත් යමහල් විදාරණය පැය හයකට වඩා නො පැවතුණ නිසා ම එයින් පරිසරයට ඇති වී තිබෙන්නෙ කෙටි කාලීන බලපෑමක්.

ගිනි කන්දෙන් පහළට බැස ගිය අතිශය උණුසුම් ලාවා ප්‍රවාහය මිනිසුන් වෙසෙන කිසිදු ප්‍රදේශයකට ගලා ගොස් නැති නිසා ඉන් කවරෙකුට හෝ කිසිම හානියක් සිදු වී නැහැ. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අණ දෙන නිලධාරිවරයෙකු ලෙස සේවය කර විශ්‍රාම ලද අභ්‍යවකාශගාමියෙකු වන ක්‍රිස් හැඩ්ෆීල්ඩ් පසුගිය ජූනි 3 වෙනි දින සිය X සමාජ මාධ්‍ය ජාල ගිණුමෙහි මේ පිළිබඳව සටහන් කර ඇත්තේ ඔහු උඩු ගුවනේ සිටි සය මසක කාලය තුළ මෙවැනි අවස්ථා දැක තිබෙන නමුත් පෙර දින දුටු එට්නා යමහල් විදාරණය අතිශය ත්‍රාසජනක එකක් බවයි.
ද්‍රව වූ පාෂාණ පිරුණු නරකයක් වසා ගත් සිසිල් වූ තුනී කබොලක් මත අප ජීවත් වන බව ඔහු එම සටහනේ දක්වා තිබෙනවා.
එක්සත් ජනපදයේ ස්මිත්සෝනියන් ආයතනයට අයත් ගෝලීය යමහල් වැඩසටහනට අනුව 2022 වසරේ නොවැම්බර් මස සිට ම වරින් වර එට්නා යමහලේ මෙවැනි විදාරණයන් සිදුවෙමින් පවතිනවා.

Live Science සහ ESA ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි



from Vidusara Science Magazine https://ift.tt/ZVy2RxW
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!