zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

බළලුන්ට වැළඳෙන කුරුලු උණ මීළඟ වසංගතයට පාර කපයි ද?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ඇමරිකාවට වසන්ත ඍතුව උදා වීමත් සමඟ සිදුවන පක්ෂි සංක්‍රමණය හේතුවෙන් කුරුලු උණ (H5N1) මිනිසුන් අතර පැතිරෙන වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතින බව පර්යේෂකයන් පවසනවා. මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයීය මහජන සෞඛ්‍ය අධ්‍යයනායතනයේ පර්යේෂකයන් පසුගිය දා බළලුන් අතර කුරුලු උණ පැතිර යාම පිළිබඳ පර්යේෂණ වාර්තාවක් මුදාහරිමින් සඳහන් කර තිබුණේ රෝගය මිනිසුන් අතර පැතිරීම දක්වා වර්ධනය වීමට පෙර බළලුන් ගැන දැඩි අවධානයක් දැක්විය යුතු බවයි.

“වයිරසයත් එය එක් සත්ත්ව විශේෂයකින් තවත් විශේෂයකට පැන යන ආකාරයත් පරිණාමය වෙලා. පක්ෂීන්ගෙන් බළලුන්ට – දැන් ගවයින්ගෙන් බළලුන්ට සහ බළලුන්ගෙන් මිනිසුන්ට රෝගය වැළඳෙනවා. මේ තත්ත්වය අවධානයට ලක් විය යුතුයි. ගිම්හානය ළං වන විට, ගොවිපළවල්වල සහ වනයේ මේ රෝගී තත්ත්වය තවත් ඉහළ යනු ඇතැ යි අපි අපේක්ෂා කරනවා.” අධ්‍යයනයේ ප්‍රධාන කතුවරිය වන ආචාර්ය ක්‍රිස්ටන් කෝල්මන් පවසනවා. ඇය මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ ගෝලීය, පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර මාහාචාර්යවරියක ලෙස සේවය කරනවා.

“කුරුලු උණ බළලුන්ට මාරාන්තික වන අතර මිනිසුන්ට රෝගය පැතිරීමේ අවදානම තක්සේරු කිරීම සඳහා බළලුන් තුළ වයිරසය කොපමණ දුරකට පැතිරී තිබේ දැ යි තීරණය කිරීමට අවශ්‍යයි.” ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.

2004 සිට 2024 දක්වා කාලය ආවරණය වන මෙම ගෝලීය සමාලෝචනය, රටවල් 18කින් සහ බළලුන්ගේ විශේෂ 12කින්, සුරතල් බළලුන්ගේ සිට ව්‍යාඝ්‍රයන් දක්වා, කුරුලු උණ ආසාදන 607ක් හඳුනාගෙන ඇති අතර, ඉන් 302ක් මරණයට පත් ව තිබෙන බව තහවුරු කරගෙන තිබෙනවා. බළලුන් සඳහා කුරුලු උණ සඳහා ක්‍රියාකාරී නිරීක්ෂණයක් නොමැති අතර, බොහෝ විට හඳුනාගෙන තිබෙන්නේ ඔවුන්ගේ මරණයෙන් පසුවයි. නිරීක්ෂණයේ අඩුපාඩුකම හේතුවෙන්, මෙම ගණනය බෙහෙවින් අඩු තක්සේරුවක් විය හැකි බව කෝල්මන් පවසනවා.

ආසාදිත බළලුන් බොහෝ විට උග්‍ර මොළයේ ඉදිමුම (encephalitis) සහ වෙනත් බරපතල රෝග ලක්ෂණවලින් පීඩා විඳින අතර, බොහෝ අවස්ථාවල දී රේබීස් හෙවත් පිස්සුබලු රෝගය ලෙස වරදවා වටහාගෙන තිබෙනවා. කුරුලු උණෙහි වඩාත් මාරාන්තික ප්‍රභේදය ඉතා ඉක්මනින් පැතිර යාමේ ප්‍රවණතාවක් පෙන්වන අතර අතර, ගෘහස්ථ බළලුන්ගෙන් බහුතර ආසාදනවලට හේතු වන්නේ ද එයය. එම ප්‍රභේදය සතු ව වර්තමානයේ 90%ක මරණ අනුපාතයක් පවතිනවා.

මිනිසුන් අතර කුරුලු උණ තරමක් අඩු මාරාන්තික තත්ත්වයක් පෙන්නුම් කළ ද, ගෝලීය වශයෙන් වාර්තා වී ඇති ආසාදිත 950 දෙනා අතරින් ආසන්න වශයෙන් අඩක් මිය ගොස් තිබෙනවා. 2022 අප්‍රේල් 28 සිට 2025 ජනවාරි 6 දක්වා එක්සත් ජනපදයේ තහවුරු වූ ආසාදන 66ක් සහ එක් මරණයක් වාර්තා වී තිබෙනවා.

Phys.org ඇසුරෙනි.

නිම්නා අමරසේකර



from Vidusara Science Magazine https://ift.tt/MPnkFSX
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?

Ad Blocker Detected :(

Please consider supporting us by disabling your ad blocker.

Please Disable your adblocker and Refresh the page to view the site content.


Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!
Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign