zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

රොකට්ටුවේ දෝෂයක් හේතුවෙන් ඉන්දීය පෘථිවි නිරීක්ෂණ චන්‍ද්‍රිකාව විනාශයට

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ඉන්දියාව, පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවක් උඩුගුවන් ගත කිරීමට ඊයේ දැරූ උත්සාහය අසාර්ථක වුණා.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) විසින් නිපැයුණු EOS-09 චන්ද්‍රිකාව සතිශ් ධාවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට උඩුගුවනට නැඟුණේ මෙරට වේලාවෙන් පෙරවරු 5.59ට පමණ. මේ සඳහා ISRO සතු Polar Satellite Launch Vehicle (PSLV) රොකට්ටුවක් යොදාගෙන තිබුණා. කෙසේ නමුත් රොකට්ටුව පොළොවෙන් එසැවී ගත වන 6 වැනි විනාඩියේ දී එහි තෙවැනි අදියරේ ඇති වූ දෝෂයක් හේතුවෙන් චන්ද්‍රිකාව ද සමඟ රොකට්ටුව විනාශයට පත් වුණා.

“PSLV අදියර හතරකින් යුත් රොකට්ටුවක්. දෙවැනි අදියර තෙක් සියල්ල සාමාන්‍ය අයුරින් සිදු වුණා.” ISRO සභාපති වී. නාරායනන් සිදුවීමෙන් පසු මාධ්‍යට ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළා. “තුන්වන අදියරේ මෝටරය නියමාකාරයෙන් ක්‍රියාත්මක වුණා. ඒත් තුන්වන අදියරේ ක්‍රියාකාරිත්වය පවතිද්දී [යම් අසාමාන්‍යතාවක්] දිස් වුණා. මෙහෙයුම සම්පූර්ණ කිරීමට නො හැකි වුණා. විශ්ලේෂණයකින් පසු අපි නැවත හේතු දක්වන්නම්.”

EOS-09 සාර්ථක ලෙස කක්ෂගත කරීමට හැකි වුණි නම් එය ඉන්දියාව විසින් කක්ෂගත කරන ලද පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා මාලාවේ නව වැන්න ලෙස දායකත්වය සැපයීමට නියමිත ව තිබුණා. SAR රේඩාර් පද්ධතියකින් සමන්විත වූ චන්ද්‍රිකාව දිවා රාත්‍රී භේදයකින් තො⁣ර ව වලා වියන විනිවිද පොළොව නිරීක්ෂණය කිරීමේ හැකියාවෙන් යුතු වුණා.

කිලෝග්‍රෑම් 1,694ක බරින් යුතු වූ එය PSLVහි ඉහළ අදියර පොළොවේ සිට කිලෝමීටර 535 ක උන්නතාංශයට ළඟා වූ විට – එනම් සමස්ත පියාසැරියේ 18 වැනි විනාඩියේ දී – කක්ෂගත වීමට නියමිත ව තිබුණා.

මෙහෙයුම දියත් වීමට පෙර ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ නව චන්ද්‍රිකාවේ ක්‍රියාකාරිත්වය ඉන්දු-පාකිස්ථාන සහ ඉන්දු-චීන දේශසීමා ගැන දැඩි අවධානයෙන් පසු වීම වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බවයි.

ISRO සහ Space.com ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/y9BvFeD
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!