මින් පෙර නොවූ ආකාරයේ සුපැහැදිලි බවකින් යුතු ව බ්‍රහස්පතිගේ වායුගෝලයේ ඇති වන ඌෂාලෝක ඡායාරූපගත කිරීමට ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය සමත් වී තිබෙනවා.
මාධ්‍යය වෙත නිකුත් කෙරුණු මේ ඡායාරූප මුලින් ම ග්‍රහණය කරගෙන තිබුණේ 2023 වසරේ දෙසැම්බර් 25 දිනයි. වෙබ් දුරේක්ෂය බ්‍රහස්පති වෙත හැර වූ විද්‍යාඥයන් යෝධයාගේ උතුරු අර්ධගෝලයේ සිට ව්‍යාප්ත වන ඌෂාලෝක හසුකරගන්නට සමත් වුණා. පෘථිවියේ උතුරු අර්ධගෝලයේ ඇති වන උෂාලෝක වන උත්තරාලෝක (Northern Lights) ඇතිවනවා සේ ම බ්‍රහස්පති මත ද ඌෂාලෝක ඇති වන්නේ සූර්ය සුළඟ සමඟ පැමිණෙන අධි-ශක්ති අංශූන් ඉහළ වායුගෝලයට ළඟා වීමෙන් පසු එහි චුම්භක ක්ෂේත්‍ර මඟින් ධ්‍රැව වෙත යොමු කිරීමෙන්.
කෙසේ නමුත් බ්‍රහස්පති මත උෂාලෝක හටගන්නා තවත් ආකාරයක් තිබෙනවා. වෙබ් දුරේක්ෂ කණ්ඩායම නිකුත් කළ නිවේදනයක දැක්වෙන පරිදි වායුමය යෝධයාගේ උපග්‍රහයෙකු වන අයෝ (Io) මත ඇති යමහල්වලින් විදාරණය වන අංශු බ්‍රහස්පතිගේ චුම්භක ක්ෂේත්‍රයට නතු වීමෙන් ද ඌෂාලෝක හටගනු ලබනවා. බ්‍රහස්පති වායුගෝලයේ ඇති වන ඌෂාලෝක පෘථිවියේ ඌෂාලෝකවලට වඩා වන තවත් ප්‍රධාන සාධකයක් වන්නේ ඒවා සියගුණයක පමණ දීප්තියකින් යුතු වීමයි.
Space.com සහ Associated Press ඇසුරෙනි.
from Vidusara Science Magazine https://ift.tt/hQ3MTk4
via Magazine
Post a Comment