zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඩයර් වුල්ෆ් සැබවින් ම පුනරාගමනය කළා ද?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

වඳ ව ගිය සතුන් යළි මිහිමත ජීවමාන කිරීම අරමුණ කරගත් Colossal Biosciences නමැති ඇමරිකානු සමාගම, අදින් වසර 10,000කට පෙර තුරන් ව ගිය ඩයර් වුල්ෆ් (dire wolf) වෘක විශේෂය සාර්ථක ලෙස නැවත බිහිකිරීමට සමත් වූ බව නිවේදනය කෙරුණා. සමාගම සඳහන් කළ පරිදි 2024 ඔක්තෝබර් 01 වැනි දා රොමියුලස් (Romulus) සහ රීමස් (Remus) නමින් යුතු පිරිමි ඩයර් වුල්ෆ් පැටවුන් දෙදෙනෙකු උපත ලබා ඇති අතර, ඉකුත් ජනවාරි මාසයේ තවත් ගැහැනු පැටවෙකු බිහි කිරීමට සමත් ව තිබෙනවා. ⁣තිදෙනෙකුගෙන යුතු ඩයර් වුල්ෆ් පවුලේ බාලයා වන ඇයට නම් තබා ඇත්තේ ඛලීසි (Khaleesi) ලෙසයි.

ලොව පුරා ප්‍රේක්ෂක ජනාදරයට පත් Games of Thrones කතා මාලාවේ සිටින වෘකයන්ගෙන් ද නිරූපණය වන්නේ ඩයර් වුල්ෆ් නමැති වෘක විශේෂයයි. ගැහැනු පැටවාට ඛලීසි ලෙස නම් තබා ඇත්තේ ද එම කතා මාලාවේ එන එක් ප්‍රධාන චරිතයක් ඇසුරෙන් වීම විශේෂත්වයක්.

අදින් වසර 10,000කට පමණ තුරන් වූ ඩයර් වුල්ෆ්ලා විද්‍යාත්මක ව හැඳින්වෙන්නේ Aenocyon dirus ලෙසයි. සුදු ලොම් තට්ටුවකින් සහ දැවැන්ත සිරුරකින් යුතු වෘකයන් බඳු වූ ඔවුන් ඇමරිකානු මහාද්වීපය තුළ වාසය කර තිබෙනවා.

Colossal Biosciences සමාගමේ විද්‍යාඥයන් මෙහි දී සිදුකර ඇත්තේ සංරක්ෂණය කර තිබූ DNA අධ්‍යයනය කරමින් එහි ලක්ෂණවලට ගැළ⁣පෙන පරිදි, Grey wolf හෙවත් අළු වෘකයාගේ (Canis lupus) ජීනෝමයේ ජාන සංස්කරණය කිරීමයි. රීමස් සහ රොමියුලස් මේ වන විට සය මස් වියේ පසුවන අතර කලීසි සිව්මස් වියේ පසුවනවා. කල් ගතවත් ම මොවුන්ට ඩයර් වුල්ෆ් පරපුරක සතුන් මෙන් අඩි 6ක් දක්වා දිගින් වැඩීමේ හැකියාව ඇති බව විශ්වාස කෙරෙනවා.

⁣කෙසේ නමුත් New Scientist පළ කළ විග්‍රහයකින් පෙන්වා දෙන්නේ මොවුන් ඩයර් වුල්ෆ්ගේ පුනරාගමනයක් ලෙසින් හඳුන්වා දීම ප්‍රශ්න සහගත බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ ජාන සංස්කරණය සඳහා ජිනෝමය ලෙස යොදාගත් අළු වෘකයන්, සිතන තරමට ම සැබෑ ඩයර් වුල්ෆ් විශේෂයේ ළඟ නෑයන් නො වන බවයි. 2021 වස⁣රේ කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇති පරිදි ග්‍රේ වුල්ෆ් සහ ඩයර් වුල්ෆ් විශේෂ තනි පොදු මුතුන්මිත්තකු යටතේ සිට ඇත්තේ අදින් වසර මිලියන 6කට පෙර කලෙක දී බවයි. පෙනු⁣මෙන් සමාන බව පෙනුණත්, ⁣අළු වෘකයා, ඩයර් වුල්ෆ්ට වඩා ළඟින් හිවලාට සහ අප්‍රිකානු කැලෑ බල්ලාට ළඟ නෑකම් කියන බව ඉන් හෙළි ව තිබුණා.

Colossal සමාගමේ බෙත් ශැපිරෝ පවසන්නේ සිය පර්යේෂණ කණ්ඩායම ඩයර් වුල්ෆ්ගේ සම්පූර්ණ ජිනෝමය ලිවීමට සමත් වූ බවයි. එය නුදුරේ ලොවට විවර කරන බව ඇය සඳහන් කරනවා. විශේෂ දෙක අතර ජාන වෙනස්කම් කොපමණ වේ දැ යි New Scientist කළ විමසුමක දී බෙත් නිෂ්චිත පිළිතුරක් ලබා දී නොමැති අතර අළු වෘකයා ජානමය අතින් 99.5%ක් ම ඩයර් වුල්ෆ්ට සමාන බව පවසා තිබෙනවා. New Scientist පෙන්වා දෙන්නේ එතරම් සමාන වුව ද බිලියන 2.4ක දිගකින් යුතු අළු වෘකයාගේ ජිනෝමයෙන් 0.5%ක වෙනස් වීමකින් මිලියන ගණනක් වූ යුගල් වෙනසක් ඇති වීමට ඉඩ තිබෙන බවයි.

Colossal සමාගම සඳහන් කර ඇති පරිදි ඔවුන් ඩයර් වුල්ෆ් බිහිකිරීම සඳහා අළු වෘකයාගේ ජිනෝම පෙළගැස්මට සිදු කර ඇත්තේ වෙනස්කම් 20ක් පමණයි. ඉන් පහක් ඩයර් වුල්ෆ්ට හිමි සුදු සිනිදු ලොම් තට්ටුවට අදාළ වෙනස්කම් වනවා. ඍජු ව ඩයර් වුල්ෆ්ගේ ජිනෝමය මත පදනම් ව සිදු කරන ලද වෙනස්කම් ඇත්තේ 15ක් පමණයි. ඒවා මඟින් සත්ත්වයාගේ ශරීර ප්‍රමාණය, පේශී සැකැස්ම සහ කනේ ස්වරූපය නිර්ණය කෙරෙනවා. ශැපිරෝ පවසන පරිදි මේ සියලු වෙනස්කම් වැඩකර ඇත්දැ යි බැලීමට වෘකයන් තිදෙනා අවම තරමින් අවුරුද්දකින් වත් වැඩිවියට පත් විය යුතුයි.

ශැපිරෝ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සත්ත්ව විශේෂ වර්ගීකරණයේ දී යොදාගන්නා වංශප්‍රවේණික (phylogenetic) ක්‍රමවේදය හෙවත් ආදි මුතුන්මිත්තන්ගේ සබඳතා ඔස්සේ සිදු කෙරෙන වර්ගීකරණය වෙනුවට, Colossal සමාගම අනුගමනය කර ඇත්තේ බාහිර පෙනුම අනුව සිදුකෙරෙන රූපවිද්‍යාත්මක (morphological) වර්ගීකරණ ක්‍රමවේදය බවයි.

Time සහ New Scientist ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි



from Vidusara Science Magazine https://ift.tt/zOurAH5
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?

Ad Blocker Detected :(

Please consider supporting us by disabling your ad blocker.

Please Disable your adblocker and Refresh the page to view the site content.


Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!
Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign