zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

රහසිගත රුසියානු චන්ද්‍රිකාවක් පාලනයෙන් තොරව කරකැවෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ඇමරිකානු බලධාරීන් විසින් න්‍යෂ්ටික චන්ද්‍රිකා නාශන වැඩසටහනක⁣⁣ට සම්බන්ධ බවට සැක කෙරන රුසියාවට අයත් රහසිගත චන්ද්‍රිකාවක් පාලනයෙන් තොර ව භ්‍රමණය වෙමින් තිබෙන බව ඒ දෙස අවධානයෙන් බලා සිටි ඇමරිකානු විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ එහි අදහස එය තවදුරටත් එය ක්‍රියාකාරී මට්ටමේ නො විය හැකි බවයි.

2022 දී යුක්‍රේන ආක්‍රමණය සිදු වීමට සති කිහිපයකට පෙර රුසියාව විසින් උඩුගුවන්ගත කරන ලද Cosmos 2553 නමැති මේ චන්ද්‍රිකාව පසුගිය වසර තුළ දී අනියම් භ්‍රමණ චලිතයකට ලක් වන බව සොයාගැනුණේ LeoLabs අභ්‍යවකාශ සුපරීක්ෂණ සමාගමේ ඩොප්ලර් රේඩාර් දත්ත මඟින්. Slingshot Aerospaceහි ප්‍රකාශ දත්ත මඟින් ද මේ බව වැඩිදුරටත් තහවුරු කෙරුණා.

රුසියානු බුද්ධි අංශ සඳහා රේඩාර් චන්ද්‍රිකාවක් මෙන් ම විකිරණ පරීක්ෂණ සඳහා වේදිකාවක් බවට විශ්වාස කෙරෙන මෙකී චන්ද්‍රිකාව, පසුගිය වසරේ එක්සත් ජනපදය රුසියාවට එල්ල කළ චෝදනාවල කේන්ද්‍රස්ථානය බවට පත්වූයේ, රුසියාව වසර ගණනාවක් තිස්සේ SpaceX හි Starlink අන්තර්ජාල පද්ධතිය වැනි පොකුරු චන්ද්‍රිකා ජාල විනාශ කළ හැකි න්‍යෂ්ටික ආයුධයක් සංවර්ධනය කරමින් සිටින බවට එල්ල වූ චෝදනා හේතුවෙන්.

එක්සත් ජනපද නිලධාරීන් තක්සේරු කරන්නේ Cosmos 2553 තනි ව සලකන විට ආයුධයක් නොවුණත්, රුසියාවේ න්‍යෂ්ටික චන්ද්‍රිකා-විරෝධී ආයුධ සංවර්ධනයට එය උපකාරී වන බවයි. රුසියාව ⁣මෙවැනි ආයුධ සංවර්ධනය කරන බවට නඟන චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, Cosmos 2553 පර්යේෂණ අරමුණු සඳහා පමණක් යොදාගැනෙන බව පවසනවා.

රුසියාව සහ ඇමරිකාව අතර පැවති අභ්‍යවකාශ ආරක්ෂණය පසුබිම් කරගත් තරගය යුක්‍රේන යුද්ධයත් සමඟින් තවත් දරදඬු වී තිබෙනවා. පෘථිවි කක්ෂය පුද්ගලික අංශයේ තරඟකාරිත්වය සහ භූමියේ හමුදාවන්ට සහාය වන හමුදා තාක්ෂණයන් සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත් ව තිබීම ද එයට එක් හේතුවක්.

මුහුදු මට්ටමේ සිට කිලෝමිටර 2000ක්, එනම් සාමාන්‍යයෙන් සන්නිවේදන හෝ පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා භාවිත නො කරන තරම් ඉහළ උන්නතාංශයකින් යුතු කොස්මික් විකිරණයෙන් බැටකන, සාපේක්ෂ ව හුදෙකලා කක්ෂයක Cosmos 2553 කක්ෂගත ව පවතිනවා.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය මේ පිළිබඳව කළ විමසීම්වලට ප්‍රතිචා⁣ර දක්වා නැහැ.

LeoLabs ඉකුත් නොවැම්බර් මාසයේ දී සිය ගෝලීය බිම් ස්ථාන ජාලයේ ඩොප්ලර් රේඩාර් මිනුම් භාවිතා කරමින් චන්ද්‍රිකාව අනියම් චලනයන් පෙන්නුම් කරන බව හඳුනා ගත්තා. දෙසැම්බර් මාසයේ දී, අතිරේක රේඩාර් දත්ත සහ වෙනත් අභ්‍යවකාශ සමාගමක් විසින් ගන්නා ලද චන්ද්‍රිකාවේ ඡායාරූප මත පදනම් ව, එය භ්‍රමණය වන බවට ‘ඉහළ විශ්වාසයක්’ ඇති බවට සමාගම තක්සේරු කළ බව LeoLabs හි ජ්‍යේෂ්ඨ තාක්ෂණික සාමාජිකයෙකු වන Darren McKnight රොයිටර් පුවත් සේවයට පවසා තිබුණා.

“මෙම නිරීක්ෂණයෙන් පෙනෙන්නට ඇත්තේ චන්ද්‍රිකාව තවදුරටත් ක්‍රියාත්මක නො වන මට්ටමේ පවතින බවයි,” යනුවෙන් වොෂින්ටන්හි පිහිටි Center for Strategic and International Studies බුද්ධි මණ්ඩලය, LeoLabs හි විශ්ලේෂණය පිළිබඳව, සිකුරාදා ප්‍රකාශයට පත් කළ එහි වාර්ෂික අභ්‍යවකාශ තර්ජන තක්සේරුවේ දී සඳහන් කළා.

The Guardian ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි



from Vidusara Science Magazine https://ift.tt/OouV5Al
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?

Ad Blocker Detected :(

Please consider supporting us by disabling your ad blocker.

Please Disable your adblocker and Refresh the page to view the site content.


Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!
Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign