zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අලුත සොයාගත් වර්ණය ‘ඕලෝ’

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

මිනිසා මෙතෙක් නුදුටු නව වර්ණයක් තමන් විසින් දක්නා ලද බව විද්‍යාඥ කණ්ඩායමක් පවසනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ පර්යේෂකයන් පිරිසක් වන ඔවුන් ලේසර් ස්පන්දන ඇසට එල්ල කරමින් රෙටීනාවේ විශේෂිත සෛල උත්තේජනයට ලක් කරමින් සිදු කළ පර්යේෂණයක් අතරතුර දී මේ වර්ණය ප්‍රථම වතාවට හඳුනාගැනුණු බවයි සඳහන් කරන්නේ.

නිල්-කොළ අතර සම්මිශ්‍රිත වර්ණයක් වන මෙය ඔවුන් ‘ඕලෝ’ (Olo) ලෙස නම් කර තිබෙනවා. කෙසේ නමුත් ඇතැම් විද්‍යාඥයන් පවසන්නේ මේ නව වර්ණයේ පැවැත්ම විද්‍යා සමාජය තුළ විවාදයට ලක් වන මාතෘකාවක් වනු ඇති බවයි.

මෙකී පරීක්ෂණය අතරතුර එකිනෙකාගේ කළු ඉංගිරියාව වෙත ලේසර් කිරණයක් එල්ල කිරීමට පර්යේෂකයන් පියවර ගෙන තිබුණා. ඒ අතර අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Ren Ng ද ඇතුළත් ව පිරිමින් සිව් දෙනෙකු සහ එක් කාන්තාවක සිටියා.

ඉකුත් දා Science Advances ජර්නලයේ පළ වූ අන්දමට පර්යේෂකයන් සිය පර්යේෂණයේ ප්‍රධාන මෙවලම වූ කැඩපත් සහ ලේසර්වලින් යුතු Oz නමැති උපකරණය දෙස අවධානයෙන් බලා සිට තිබෙනවා. එය මින් පෙර වොෂිංටන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥ කණ්ඩායමක් විසින් නිර්මාණය කරනු ලැබ තිබූ අතර, මේ පර්යේෂණයට සරිලන සේ යාවත්කාලීන කර තිබුණා.

රෙටිනාව යනු ඇසේ පිටුපස ඇති ආලෝක-සංවේදී පටල ස්තරයක් වන අතර, එය දෘශ්‍ය තොරතුරු ලබා ගැනීමට සහ සැකසීම වෙනුවෙන් කටයුතු කරනවා. එය ආලෝකය විද්‍යුත් සංඥා බවට පෙරළන අතර එම සංඥා දෘශ්‍ය ස්නායු හරහා මොළයට සම්ප්‍රේෂණය වී අපට පෙනීම ලබා දෙනවා.

රෙටීනාවේ වර්ණ හඳුනාගැනීම සඳහා වන විශේෂිත සෛල ප්‍රභේදය හැඳින්වෙන්නේ කේතු සෛල ලෙසයි. S,L සහ M ලෙස ඒවා තෙආකාර වන අතර පිළිවෙළින් නිල්, රතු සහ කොළ තරංග ආයාමයන්ට සංවේදී වනවා.

පර්යේෂණ පත්‍රිකාවට අනුව, සාමාන්‍ය දෘෂ්ටියේ දී, M කේතු සෛලයක් උත්තේජනය කරන ඕනෑ ම ආලෝකයක් එහි යාබද L සහ/හෝ S කෝන් සෛල ද උත්තේජනය කළ යුතු වනවා. ඒ එහි ක්‍රියාකාරිත්වය ඒවා සමඟ අතිච්ඡාදනය වන බැවිනුයි.

කෙසේ වෙතත්, අධ්‍යයනයේදී, ලේසරය M කෝන් සෛල පමණක් උත්තේජනය කළ බව පෙනීගොස් තිබුණා. පර්යේෂණ පත්‍රිකාව සඳහන් කරන්නේ මේ හේතුවෙන් “මූලිකව මෙය මොළයට සාමාන්‍ය දෘෂ්ටියේදී කිසිදා සිදු නොවන වර්ණ සංඥාවක් යවනු ඇත” යනුවෙන්.

මෙයින් අදහස් වන්නේ ‘ඕලෝ’ වර්ණය විශේෂිත උත්තේජනයකින් තොර ව සැබෑ ලෝකයේ මිනිස් නිරුපිත ඇසකට නො පෙනෙන බවයි.

අධ්‍යයනයට සම්බන්ධ නොවූ ලන්ඩන්හි සාන්ත ජෝර්ජ් විශ්වවිද්‍යාලයේ දෘෂ්ටි විද්‍යාඥ මහාචාර්ය ජෝන් බාබර් පවසන්නේ, වර්ණ කේතු සෛල තෝරා ගැනීමේ උත්තේජනය තාක්ෂණික වශයෙන් ඉහළ ජයග්‍රහණයක් වුවත්, නව වර්ණයක් සොයා ගැනීම ‘විවාදයට තුඩු දිය හැකි’ මාතෘකාවක් වන බවයි.

පර්යේෂකයන් විසින් දළ අදහසක් ලබා ගැනීම සඳහා මේ වර්ණය මොනිටර් තිර මත ප්‍රදර්ෂණය කළ හැකි පරිදි කදාවක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. නමුත් එය නිවැරැදි ඕලෝ වර්ණය ම නොවන බවත්, ලේසර් කිරණයකින් කේතු සෛල උත්තේජනය කිරීමෙන් දැකිය හැකි බවත්, මොනිටර් තිරය ඔස්සේ දැකිය නො හැකි බවත් පර්යේෂකයන් පවසනවා.

BBC ඇසුරෙනි.



from Vidusara Science Magazine https://ift.tt/R9o0kb2
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?

Ad Blocker Detected :(

Please consider supporting us by disabling your ad blocker.

Please Disable your adblocker and Refresh the page to view the site content.


Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!
Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign