zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

70 වැනි උපන්දිනය දා පොළොවට ආ ඩොන් පෙටිට්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

NASA හි වයස්ගත ම සක්‍රීය ගගනගාමියා වන ඩොන් පෙටිට් (Don Pettit), ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ ගත කළ මාස හතක මෙහෙයුම් කාලය අවසන් කරමින් පසුගිය සෙනසුරාදා (19) පෘථිවියට පැමිණියා. ඒ ඔහුගේ 70 වන උපන්දිනය දා වීම සුවිශේෂත්වයක්. රුසියානු විශ්වගාමීන් වන ඇලෙක්සි ඔව්චිනින් (Aleksey Ovchinin) සහ ඉවාන් වැග්නර් (Ivan Vagner) සමඟ පෙටිට් සෝයූස් MS-26 කැප්සියුලයෙන් කසකස්ථානයට ගොඩබැස්සේ එරට වේලාවෙන් 20 දා පෙරවරු 6:20ටයි. ඔවුන් මාස හතකට පෙර, එනම් ගිය වසරේ සැප්තැම්බර් 11 වැනි දා Expedition 72 මෙහෙයුම දියත් කරමින් අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත සේන්දු වුණේ ද මේ යානයෙන්මයි. ඔහු එහි පියාසැරි ඉංජිනේරුවා ලෙස කටයුතු කළා.

1955 අප්‍රේල් 20 වැනි දා ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්ත⁣යේ සිල්වර්ටන්හි උපත ලද ඩොනල්ඩ් ආර්.⁣ පෙටිට් ඔරිගන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයෙන් රසායන ඉංජිනේරුකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධියත්, ඇරිසෝනා විශ්වවිද්‍යාලයෙන් එම විෂයයට ම අදාළ ආචාර්ය උපාධියත් හිමිකරගෙන තිබෙනවා. ඔහු NASA ආයතනයට එක්වන්නේ 1996 දීයි.

NASA ආයතනයේ සිටින පරිණතම අභ්‍යවකාශගාමියෙකු වන පෙටිට් අභ්‍යවකාශයේ දින 370කට වැඩි කලක් ගතකර ඇති අතර ඔහු සම්පූර්ණ කර ඇති අභ්‍යවකාශ සක්මන් පැය ගණන 13ක්.

Expedition 72හි අනුප්‍රාප්තික මෙහෙයුම වන Expedition 73හි පියාසැරි ඉංජිනේරු ලෙස කටයුතු කරන NASA ගගනගාමිනී නිකොල් අයර්ස් (Nichole Ayers) පෙටිට්ගේ ආපසු ගමන ගැන අදහස් දක්වමින් X පණිවුඩයක් තබා තිබුණා. “ඩොන් පෙටිට්ට සමුදීම කටුක දෙයක් වන්නේ ඔහු මේ විස්ම සහගත මෙහෙයුම ඇතුළත මෙහි ගතකළ කාලයේ දී බොහෝ දෙනෙකුට පරමාදර්ශී චරිතයක් වුණා.” ඇය සඳහන් කර තිබෙනවා.

Space.com සහ NASA ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/y72MdIw
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!