zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Starliner ගගනගාමීන් පොළොවට එන දවස නැවත කල් යයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත සිව් දෙනෙකුගෙන් යුතු නව ගගනගාමී කණ්ඩායම රැගෙන යන Crew-10 මෙහෙයුම කල් දමන්නට සිදු වූ බව NASA ආයතනය ඉකුත් දා නිවේදනය කළා. මේ සමඟින් දැනට අභ්‍යවකාශ නැවතුම්පොළේ සිටින Crew-09 මෙහෙයුමෙන් එහි ගිය NASA ගගනගාමී Nick Hague, Roscosmos විශ්වගාමී Aleksandr Gorbunov මෙන් ම Starliner කැප්සියුලයේ ප්‍රථම නියමු පියාසැරිය සිදු කරමින් එහි ගොස් අනපේක්ෂිත ලෙස මේ දක්වා රැඳී සිටීමට සිදු වූ Butch Wilmore සහ Suni Williams හට පොළොවට පැමිණීමට හැකියාව ලැබෙන දිනය තවත් දින කිහිපයකින් කල් යනවා.

Crew-10 මෙහෙයුම පෙරේදා (12) වැනි දා දියත් කිරීමට සැලසුම් කර තිබුණත්, මේ වන විට එය ලබන 21 වැනි සිකුරාදාට පෙර සිදු නො වන බව නිවේදනය කර තිබෙනවා. මෙහෙයුම දියත් කිරීමට නියමිත කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇති දියත්කිරීමේ පුවරුවේ ඇති වූ තාක්ෂණික දෝෂයක් එයට හේතු වී තිබෙනවා. ගැටලුව ඇති වී තිබෙන්නේ Falcon 9 රොකට්ටුවේ ඉහළ කොටස හා සම්බන්ධ වන කලම්ප දෙකෙන් එකක් පාලනය කෙරෙන හයිඩ්‍රොලික් පද්ධතියේයි. “මේක පොළොවේ තියෙන ප්‍රශ්නයක්. රොකට්ටුවත්, අභ්‍යවකාශ යානයත් හොඳ තත්ත්වයෙන් තියෙනවා.” NASA මාධ්‍ය ප්‍රකාශක Darrol Nail සඳහන් කළා.

NASA ගගනගාමීන් වන Nichole Ayers සහ Anne McClain, JAXA ගගනගාමී Takuya Onishi සහ Roscosmos ගගනගාමී Kirill Peskov Crew-10 මඟින් අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත ළඟාවීමට නියමිතයි. ඔවුන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පිළිගැනීමෙන් අනතුරු ව තවත් දින කිහිපයක් එහි රැඳෙන Crew-9 ගගනගාමීන් දෙදෙනා සහ Starliner ගගනගාමීන් දෙදෙනා පොළොව බලා පැමිණීමට නියමිතයි.

සැලසුම්ගත ව තිබූ පරිදි පසුගිය 12 වැනි දා Crew-10 දියත් වුණේ නම්, Butch, Suni සහ Crew-9 ගගනගාමීන් දෙදෙනා පොළොවට පැමිණීමට නියමිත ව තිබුණේ ලබන 16 වැනි දායි. කෙසේ නමුත් මේ කල් දැමීමත් සමඟ ඔවුන්ගේ පැමිණීම දින කිහිපයකින් කල් යන අතර ඒ කවදා දැ යි නිශ්චිත ව මෙතෙක් ප්‍රකාශ කර නැහැ.

CNN ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

 

 

 



from Vidusara Science Magazine https://ift.tt/xWImobt
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?

Ad Blocker Detected :(

Please consider supporting us by disabling your ad blocker.

Please Disable your adblocker and Refresh the page to view the site content.


Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!
Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign