zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

MH370 සොයන තවත් සෝදිසි මෙහෙයුමකට මැලේසියාවේ අනුමැතිය

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

මැලේසියානු ජාතික ගුවන් සේවයට අයත් අතුරුදන් MH370 මගී ගුවන්යානයේ සුන්බුන් සොයා සිදු කෙරෙන නවතම සෝදිසි මෙහෙයුමක් සඳහා එරට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබෙනවා.

මේ සෝදිසි මෙහෙයුමෙන් දකුණු ඉන්දියානු සාගරයේ වර්ග කිලෝමීටර 15,000ක ප්‍රදේශයක් පීරා බැලීමට නියමිත අතර, එය සිදු කරනු ලබන්නේ Ocean Infinity නමැති සාගර ගවේෂණ සමාගමේ මැදිහත්වීමෙන්. සමාගම, මැලේසියානු රජය සමඟ ගිවිසුම්ගත වී ඇති පරිදි මේ සෝදිසිය අවසානයේ අතුරුදන් ගුවන්යානයේ සුන්බුන් කොටස් සොයාගැනීමට සමත් වුවහොත් පමණක්, මැලේසියානු රජය විසින් ‌ඩොලර් මිලියන 70ක මුදලක් සමාගම වෙත ගෙවනු ලැබීමට නියමිත බව එරට ප්‍රවාහන අමාත්‍ය Loke Siew Fook ප්‍රකාශ කළා.

ජීවිත 239ක් සමඟින් මැලේසියාවේ ක්වාලා ලම්පූර්හි සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් තිබූ, Boeing 777-200ER මාදිලියට අයත් MH370 යානය රේඩාර් තිරවලින් අතුරුදන් ව ගියේ 2014 වසරේ මාර්තු 08 වැනි දිනයි. එදාමෙදා තුර ගුවන් ගමන් ඉතිහාසයේ සුවිසල් ම අබිරහස බවට පත් වන්නට සමත් වූ MH370 යානයට කුමක් සිදු විණි ද යන්න තවමත් නිශ්චිත නැහැ. යානය ගුවන් ගත වී පැයකට අඩු කාලයක් ඇතුළත ගුවන්ගමන් පරිපාලනය හා පැවැති සියලු සබඳතා බිඳවැටුණු අතර, රේඩාර් තිර මතින් අතුරුදන් ව යාම‌ට පෙර සිය ගමන් මාර්ගයෙන් බැහැර ව පියාසර කරන අයුරු පෙන්නුම් කර තිබුණා.

යානය සම්බන්ධයෙන් නොයෙකුත් මතවාද ගොඩනැඟී ඇතත්, විමර්ශකයන්ගේ පොදු පිළිගැනීම වී ඇත්තේ එය දකුණු ඉන්දීය සාගරයේ නිශ්චිත නො වන තැනකට කඩා වැටෙන්නට ඇති බවයි.

අතුරුදන් වීමෙන් පසු ගුවන්ගමන් ඉතිහාසයේ විශාලතම සෝදිසි මෙහෙයුම දියත් කෙරුණු නමුත් යානය පිළිබඳ කිසිඳු හෝඩුවාවක් සොයාගැනීමට හැකියාව ලැබුණේ නැහැ. ඩොලර් මිලියන 150ක වියදමක් දරමින්, රාජ්‍යයන් ගණනාවක සහභාගීත්වයෙන් සිදු කෙරුණු මෙකී මෙහෙයුම් 2017 දී අවසානය දුටුවේ කිසිඳු ප්‍රමාණවත් සාධකයකින් තොරවයි. Ocean Infinity සමාගම 2018 වසරේ MH370 සොයා තවත් මෙහෙයුමක් දියත් කළ ද, එය සාර්ථක වූයේ නැහැ. යානයේ බවට විශ්වාස කෙරෙන සුන්බුන් කැබලි කිහිපයක් ඉන්දීය සාගරයේ වෙරළවලට ගොඩගසා තිබිය දී සොයාගැනුණත්, ඒ කිසිවක් විමර්ශනවලට සහාය දෙන පරිදි ප්‍රමාණවත් වූයේ නැහැ.

මැලේසියානු රජය පසුගිය දෙසැම්බරයේ Ocean Infinity සමඟ එක් ව සොදිසි මෙයෙහෙයුම් යළි ඇරඹීමට එකඟත්වය පළ කළත්, ඒ හා සබැඳි සාකච්ඡා අවසන් වීමට 2025 මාර්තු වන තෙක් කල් ගත වුණා. ඒ අනුව, ඉකුත් බදාදා මැලේසියානු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිත ව යානය අතුරුදන් වීමෙන් වසර 11කට පසු නැවත වතාවක් සුන්බුන් සොයා සිදු කෙරෙන සෝදිසි මෙහෙයුමකට මඟ පෑදී තිබෙනවා.

සත්‍ය හෙට්ටිආරච්චි



from Vidusara Science Magazine https://ift.tt/oUtiyKI
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?

Ad Blocker Detected :(

Please consider supporting us by disabling your ad blocker.

Please Disable your adblocker and Refresh the page to view the site content.


Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!
Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign