zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

යෝධ අණුක වලාවක් සොයාගැනේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

කෂීරපථයේ ඇති මෙතෙක් හඳුනානොගත් යෝධ අනුක වලාවක් (Giant Molecular Cloud – GMC) හඳුනාගැනීමට තාරකා විද්‍යාඥයන් සමත් ව සිටිනවා. ඔවුන් මේ සොයාගැනීම සිදුකර තිබෙන්නේ ඇමරිකාවේ ග්‍රීන් බෑන්ක් දුරේක්ෂය ආධාරයෙන් සිදු කළ නිරීක්ෂණ පාදක කරගෙනයි.

ආලෝක වර්ෂ 200ක පළලින් යුතු මේ යෝධ අණුක වලාව සූර්යයා මෙන් 160,000 ගුණයක ස්කන්ධයකින් යුතු වන අතර M4.7–0.8 ලෙස මෙසියර් නාමකරණයට ලක් ව තිබෙනවා.

අණුක වලාවන්ගේ සංයුතිය අතුරින් විශාල ප්‍රමාණයෙන් අඩංගු වන්නේ හයිඩ්‍රජන් වායුවයි. ඒවා මන්දාකිණි තැනීමේ දී ඉතිරි වූ දූවිලි සහ වායූන්ගෙන් තැනී තිබෙනවා. මෙවැනි වලාවන් අතුරින් සූර්ය ස්කන්ධ 100,000 ඉක්මවන වලාවන්, Giant Molecular Cloud – GMC හෙවත් යෝධ අණුක වලාවන් ලෙස හැඳින්වෙනවා. ආලෝක වර්ෂ 15ත් 600ත් අතර වපසරියක පැතිරෙන මෙවැනි යෝධ අණුක වලා අන්තර්තාරීය මාධ්‍යයේ ඇති ඝණත්වයෙන් අධික ම මෙන් ම සිසිල් ම ප්‍රදේශ නියෝජනය කරනවා. එසේ ම වැඩි වශයෙන් තාරකාවලට උපත ලබා දෙන වායු සංචිත වශයෙන් ද මෙවැනි කලාප හඳුනාගත හැකයි.

Interesting Engineering ඇසුරෙනි.

නිම්නා අමරසේකර



from Vidusara Science Magazine https://ift.tt/4ea5cgv
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!