zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Blue Ghost චන්ද්‍රයාට තවත් ළං වෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

Firefly Aerospace සමාගම විසින් දියත් කරනු ලැබූ Blue Ghost චන්ද්‍ර ලෑන්ඩරය පෘථිවිය හා සඳ අතර වූ දින හතරක චාරිකාවකින් පසු සඳ වටා කක්ෂයකට අවතීර්ණ වුණා. අදින් සති දෙකකට අඩු කාලයක දී සිදු වීමට නියමිත චන්ද්‍ර ගොඩබැසීමේ කර්තව්‍යය සඳහා එක් පියවරක් වශයෙන් ඉකුත් දා තත්පර 18ක එන්ජින් දහනයක් සිදු කරමින් සිය කක්ෂය තවත් චන්ද්‍රයාට සමීප කළා. එය ලෑන්‍ඩරය චන්ද්‍රයා මතුපිට සිට කිලෝමීටර් 120ක උන්නතාංශයකට රැගෙන ඒමට සමත් වූ අතර ගොඩබෑමේ ක්‍රියාවලිය ආරම්භ වන තුරු ම එම කක්ෂයේ රැඳී සිටිනු ඇති.

ලෑන්ඩරයේ කැමරි මඟින් ලබාගත් චන්ද්‍රයාගේ සමීප වීඩියෝ දසුනක් ද සහිත ව X පණිවුඩයක් තබන Firefly සමාගම පවසන්නේ ලෑන්ඩරය සඳුගේ නො පෙනෙන පස වෙත ඇදී යන විට එය හා පවතින සන්නිවේදනය තාවකාලික ව බිඳ වැටීම බලාපොරොත්තුවෙන් සිටින තත්ත්වයක් බවයි. කෙසේ නමුත් එය අපට පෙනෙන පස ගත කරන කාලය තුළ දී ලබාගන්නා දත්තවලින් උපරිම ප්‍රයෝජනය ලබාගනිමින් Blue Ghost ගොඩබැස්වීම සඳහා අවැසි දහන රටාවන් නිර්ණය කරමින් තිබෙනවා.

සමාගම පවසන පරිදි Blue Ghost චන්ද්‍ර ලෑන්ඩරය සඳ මත ගොඩබසිනු ඇත්තේ එළැඹෙන මාර්තු 02 වැනි දායි.

⁣පසුගිය මාසයේ කෙනඩි අභ්‍යවකශ මධ්‍යස්ථානයේ සිට SpaceX Falcon 9 රොකටයකින් අභ්‍යවකාශගත වූ Blue Ghost NASA ආයතනය මඟින් ප්‍රකාශයට පත් කර ඇති Commercial Lunar Payload Services (CLPS) මෙහෙයුම යටතේ Firefly Aerospace විසින් නිර්මාණය කරන ලද්දක්. පර්යේෂණ හා තාක්ෂණ උපාංග 10ක් පමණ සඳ වෙත රැගෙන යන මේ ලෑන්ඩරය චන්ද්‍රයා මත පරිසරය පිළිබඳ විමර්ශනයේ යෙදීමට නියමිතයි.

Space.com ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/zRNZylJ
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?

Ad Blocker Detected :(

Please consider supporting us by disabling your ad blocker.

Please Disable your adblocker and Refresh the page to view the site content.


Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!
Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign