zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

විසූවියස් විදාරණයෙන් දුර්වණ වූ පැපිරස් පත්‍රයක අන්තර්ගතය හෙළිකරගැනේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

අදින් වසර 2000කට ආසන්න කාලයකට පෙර විසූවියස් ගිනිකන්ද විදාරණය වීමෙන් විනාශ වී ගිය පොම්පෙයි නගරයෙන් සොයා ගැනුණු අඟුරු බවට පත් වූ ඉපැරැණි ලේඛපත්‍රයක සටහන් ව ඇත්තේ කුමක් දැ යි විපරම් කර බැලීමට පර්යේෂකයන් සමත් ව තිබෙනවා.

විසූවියස් විදාරණය නිසා ක්‍රිස්තු වර්ෂ 79 දී හානියට පත් රෝමයේ Herculaneumහි පිහිටි, මන්දිරයක පුස්තකාලයේ තිබී හමු වූ විනාශයට පත් ලිපි ලේඛන සිය ගණනක් අතරේ තිබී මෙකී ලේඛනය ද හමු වී තිබුණා. ජූලියස් සීසර්ගේ මාමණ්ඩියට අයත් බවට විශ්වාස කෙරෙන මෙකී මන්දිරයේ තිබී හමු වූ පැපිරස් පත්‍ර ලේඛන කියැවීමට නො හැකි තත්ත්වයේ පැවතියේ ඒවා විවර කිරීමට උත්සාහ කිරීමේ දී දුහුවිලි බවට පත් වන තරමට ම දුර්වල තත්ත්වයේ පැවති බැවින්.

කෙසේ නමුත් මේ අතර තිබූ PHerc. 172 යනුවෙන් නම් කළ පැපිරස් පත්‍රයේ අන්තර්ගතය පරිගණකගත කිරීමට පර්යේෂකයන් සමත් වී සිටිනවා. ඉන් ලියන ලද සටහන් ඇතුළත් කොලම් කිහිපයක් ම අනාවරණය කරගැනීමට හැකියාව ලැබී ඇති අතර, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් එහි අන්තර්ගතය පරිවර්තනය කිරීමෙහිලා කටුයුතු කරමින් සිටිනවා. διατροπή යනුවෙන් සඳහන් ඉපැරැණි ග්‍රීක වචනය මෙකී කොලම් කිහිපය තුළ දෙතැනක ම සඳහන් ව ඇති බව ඔවුන් පවසනවා. එම වදනෙහි අරුත වන්නේ ‘ජුගුබ්සාජනක’ යන්නයි.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/yXKlqd1
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!