zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඩෙන්මාකයෙන් නව ‘වුඩ්හෙන්ජ්’ ව්‍යුහයක් සොයාගැනේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

එංගලන්තයේ ‘ස්ටෝන්හෙන්ජ්’ ඉදිකිරීමට සමානකමක් දක්වන, වසර දහස් ගණනක ඉතිහාසයකට උරුමකම් කියන බවට විශ්වාස කෙරෙන දැව කණු සිටුවා තනන ලද ඉදිකිරීමක සලකුණු ඩෙන්මාකයෙන් හමු වී තිබෙනවා.

ඩෙන්මාකයේ ආර්ස්හි North Jutland ප්‍රදේශයෙන් සොයාගෙන ඇති මේ පුරාවිද්‍යාත්මක ස්ථානය මීටර 30ක පමණ විෂ්කම්භයකින් යුක්ත වන අතර එය වටා සෙල්මුවා කණු 45ක් පමණ සිටුවා තිබෙන්නට ඇති බව පර්යේෂකයන්ගේ අදහසයි. ඔවුන් විශ්වාස කරන්නේ එය ක්‍රිස්තු පූර්ව 2600ත් 1600ත් අතර කාලය තුළ ඉදිකර ඇති බවයි.

‘වුඩ්හෙන්ජ්’ ලෙස නම් කර ඇති මේ පුරාතන ඉදිකිරීම හෙළි කරගැනීමට පර්යේෂකයන් සමත් ව තිබුණේ ඉකුත් ජනවාරි මස සිදු කළ කැණීමක් අතරතුරයි.

අතීතයේ ඩෙන්මාකය සහ එංගලන්තය අතර පැවති සමාන්තර ඇදහීම් පද්ධති ⁣මෙවැනි ඉදිකිරීම් මඟින් හෙළිදරව් වන බව විශේෂඥයන් පෙන්වා දෙනවා.

ඩෙන්මාකයේ Vesthimmerlands කෞතුකාගාරයේ භාරකාරියක වන Sidsel Wahlin පෙන්වාදෙන්නේ උඩුගුවනේ සිට කරන ලද ඡායාරූපගත කිරීම්වලින් මෙතෙක් හෙළි නොවී තිබූ මේ පුරාවිද්‍යාත්මක ස්ථානය ගල් යුගයේ අවසාන කාල පරිච්ඡේයේ සහ ලෝකඩ යුගයේ ආරම්භක සමයේ පැවැති වතාවත් සහ සමාජීය ව්‍යුහයන් හෙළිපෙහෙළි කරගැනීම සඳහා උපකාර කරනු ඇති බවයි.

කලින් කලට බ්‍රිතාන්‍යයේ සහ අයර්ලන්තයේ මෙවැනි හෙන්ජ් ව්‍යුහයන් බොහෝ ගණනක් හමු ව ඇති අතර ඒවායේ ඉදිකිරීම ක්‍රිස්තු පූර්ව 3000 සිට 2000 අතර කාලය දක්වා දිවෙන බව සොයාගෙන තිබෙනවා.

Wahlin පෙන්වා දෙන්නේ මේවා සූර්යයා නැමදීම සහ කෘෂිකාර්මික යාතුකර්ම මුල්කොටගෙන තැනුණු මධ්‍යස්ථාන බවයි.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/78zHMUr
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?

Ad Blocker Detected :(

Please consider supporting us by disabling your ad blocker.

Please Disable your adblocker and Refresh the page to view the site content.


Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!
Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign