zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

2032 දී පෘථිවිය හා ගැටීමේ සම්භාවිතාවක් ඇති 2024 YR4

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

අලුත සොයාගැනුණු මීටර 100ක් පළලැති ග්‍රහකයක් ගෝලීය ග්‍රහ ආරක්ෂණ විධිවිධාන ක්‍රියාවට නැංවීම කෙරේ මින් පෙර නොවූ විරූ ලෙස බලපා තිබෙනවා. මේ ග්‍රහකය 2032 වසරේ පෘථිවිය හා ගැටීමේ සම්භාවිතාවක් ඇති බව හෙළි වී තිබෙනවා.

2024 YR4 ලෙස නම් කර ඇති මේ ග්‍රහකය ඉකුත් දෙසැම්බර් 27 වැනි දා සොයාගනු ලැබ ඇත්තේ චිලීහි ස්ථානගත කර ඇති ස්වයංක්‍රීය දුරේක්ෂයක් ආධාරයෙන්. එතැන් පටන් ඇමරිකානු හා යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සි විසින් පවත්වාගෙන යනු ලබන ඝට්ටනය වීමේ අවදානම සහිත ග්‍රහක ලයිස්තුවේ ඉහළ ම තැනට පැමිණීමට එය සමත් ව තිබෙනවා.

දැනට කෙරී ඇති ගණනයන්ට අනුව 2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වැනි දා පෘථිවිය සමඟ ගැටීමේ 1.3%ක සම්භාවිතාවක් තිබෙනවා. වෙනත් අයුරකින් පැවසුවහොත් එය කිසිඳු උපද්‍රවයකින් තොර ව පෘථිවිය පසු කර යන්නට 98%කට වැඩි සම්භාවිතාවක් තිබෙනවා.

“බොහෝ විට මෙය උවදුරකින් තොර ව ළඟින් යන්නට යාවි.” එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ ග්‍රහ තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය Colin Snodgrass සඳහන් කරනවා. “අපට මේ බව තහවුරු කරගන්න අවශ්‍ය වන්නේ එහි ගමන් පථය ගැන වැඩිදුර නිරීක්ෂණ කිහිපයක් පමණයි. එහි කක්ෂය නිරීක්ෂණය කරන තරමට ම එහි අනාගත ගමන් මාර්ගය ගැන පළ කෙරෙන අනාවැකිවල නිරවද්‍ය භාවය වැඩි වෙනවා.” ඔහු පවසනවා.

ග්‍රහක ගැටුම් උවදුරක ප්‍රබලත්වය සන්නි⁣වේදනය කිරීම සඳහා යොදාගැනෙන ටොරීනෝ පරිමාණයට අනුව 2024 YR4 ග්‍රහකය පසුවන්නේ තුන්වැනි මට්ටමේයි. එනම් එය පෘථිවිය හා ගැටීමට 1% ඉක්මවූ සම්භාවිතාවක් පැවතීම මත ‘තාරකා විද්‍යාඥයන්ගේ අවධානයට ලක් විය යුතු සමීප හමුවක්’ ලෙස නම් කෙරී ඇති මට්ටමේයි.

ටොරීනෝ පරිමාණයට අනුව 0 සිට 10 දක්වා අගයකින් නම් කර ග්‍රහක ගැටුමක උවදුර පෙන්නුම් කළ හැකියි. 0 කිසිඳු උවදුරක් නොමැති බව හැඟවීමට ද, 10 ඝට්ටනය සිදුවන බව 100%ක් තහවුරු කළ හැකි හා ඉන් මිනිස් වර්ගයාගේ පැවැත්ම දැඩි ලෙස අනතුරේ හෙලෙන බව හැඟවීමට ද යොදාගැනෙනවා.

මිනිසාගේ පහල වීමෙන් පසු මෙතෙක් කලකට ටොරීනෝ පරිමාණයේ ඉහළ ම අගයක් වාර්තා කළ ග්‍රහකය වූයේ Apophis ග්‍රහකයයි. 2004 දී එය පුවත්පත්වල සිරස්තල මවන්නට සමත් වූ අතර ටොරීනො පරිමාණයේ 4 වැනි අගය වාර්තා කරන්න සමත් වුණා. කෙසේ නමුත් එහි ගමන් මඟ ගැන දත්ත වැඩි වීම මත සිදු කෙරුණු වඩාත් ගැඹුරු ගණනයන්ගෙන් පෙනී ගොස් ඇත්තේ අවම තරමින් තවත් සියවසක් වත් යනතුරු එය පෘථිවිය හා ගැටීමේ මඟකට අවතර්ණ නො වන බවයි.

2024 YR4 ග්‍රහකයේ ගමන් මඟ ගැන වැඩිදුර තොරතුරු අධ්‍යයනයට ලක් වීමත් සමඟ ටොරීනෝ පරිමාණයෙන් 3 අගයේ සිට වඩා අඩු අවදානම් අගයකට පහළ බසිනු ඇති බව උපකල්පනය කෙරෙනවා.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/yLpcMoj
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!