zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

2024 YR4 නිරීක්ෂණයට ජේම්ස් වෙබ්ගේ සහායත්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

මිනිස් වර්ගයා විසින් අභ්‍යවකාශගත කර තිබෙන බලවත් ම අභ්‍යවකාශ දුරේක්ෂය වන ජේම්ස් වෙබ්, 2032 වසරේ පෘථිවියේ ගැටීමේ සම්භාවිතාවක් ඇති 2024 YR4 ග්‍රහකය සමීප ව නිරීක්ෂණය කිරීම සඳහා යොදවා තිබෙනවා.

යුරෝපානු අභ්‍යවකාශ නියෝජිතායතනයේ (ESA) වෙබ් අඩවියේ පළ කරන ලද නිවේදනයක දැක්වෙන පරිදි  ඉදිරි මාස කිහිපය තුළ මෙකී අවදානම් ග්‍රහකය නිරීක්ෂණයට භාජනය කිරීම සඳහා ජේම්ස් වෙබ් දුරේක්ෂය භාවිත කිරීමට ජාත්‍යන්තර මට්ටමේ විද්‍යාඥ කණ්ඩායමකට අවසර හිමි වී තිබෙනවා. ගොඩනැගිල්ලකට සම කළ හැකි විශාලත්වයෙන් යුතු ග්‍රහකය චිලීහි පිහිටා ඇති, NASA ආයතනයට අයත්, Asteroid Terrestrial-impact Last Alert System (ATLAS) දුරේක්ෂය විසින් මුලින් ම හඳුනාගනු ලැබුණේ 2024 දෙසැම්බර් මාසයේ දීයි. මුල දී එය 2032 වසරේ දෙසැම්බර් මාසයේ දී පෘථිවිය සමඟ ගැටීමේ සම්භාවිතාව 1.3%ක් ලෙස පැවතියත් මේ වන විට අවධානම 2.3%ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

2024 YR4 ග්‍රහකය මීටර 55ක දළ විෂ්කම්භයකින් යුතු බව විද්‍යාඥයන් ඇස්තමේන්තු කරනවා. එනම් එය උසින් පීසාහි ඇලවෙන කුළුණ තරම් උසකින් යුතු වනවා. මෙවැනි ප්‍රමාණයේ ග්‍රහක ඝට්ටනයකින්, ඩයිනෝසෝරයන් මිහිපිටින් අතුගා දැමූ, අදින් වසර මිලියන 66කට ඉහත දී සිදු වූ චික්සලබ් ඝට්ටනය තරම් ප්‍රබල හානියක් සිදු නො වන නමුත් 1908 දී සයිබීරියාවේ තුන්ගුස්කාවට පතිත වූ ග්‍රහකය නිසා ඇති වූ හානියට සම විනාශයක් ඇති කිරීමේ හැකියාව තිබෙනවා.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/G81Zlg9
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?

Ad Blocker Detected :(

Please consider supporting us by disabling your ad blocker.

Please Disable your adblocker and Refresh the page to view the site content.


Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!
Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign