zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

නෙල්සන්ගෙන් හිස් වූ NASA මුල් පුටුවේ වැඩ බැලීමට ජැනට් පෙට්‍රෝ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් ඇමරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් සඳුදා දිනයේ ම බයිඩන් පාලන සමයේ NASA ප්‍රධානී ලෙස පත් වූ බිල් නෙල්සන් සහ නියෝජ්‍ය ප්‍රධානී පෑම් මෙල්රෝයි තනතුරුවලින් ඉවත් ව ආයතන පරිශ්‍රයෙන් ඉවත් ව ගොස් තිබෙනවා. ට්‍රම්ප් විසින් නව ප්‍රධානීවරයෙකු පත් කෙරෙන තුරු NASA හි අන්තර්වාර ප්‍රධානී ලෙස ජැනට් පෙට්‍රෝ පත්කරනු ලැබ තිබෙනවා.

සඳුදා දිනයේ X සටහනක් තබමින් නෙල්සන් පවසා තිබුණේ 53 වසරක සේවය අවසන් කරමින් තමා නික්ම යන බවයි. NASA ප්‍රධානී ලෙස ඇමරිකානු ජනතාවට සේවය කිරීමට ලැබීම තමා ජීවිතයේ ලද ගෞරවයක් බවත් ඔහු සඳහන් එහි සඳහන් කරනවා.

ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකයෙකු වන නෙල්සන් ඇමරිකානු රාජ්‍ය සේවයට එක්වන්නේ 1972 ෆ්ලොරිඩාවේ නියෝජිත මණ්ඩලයට තේරී පත්වීමත් සමඟයි. ඉන් සය වසරකට පසු ඔහු එක්සත් ජනපදයේ කොංග්‍රස් මණ්ඩලයට තේරී පත්වනවා. ඒ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානය මෙන් ම කේප් කැනැවරිල් අභ්‍යවකාශ මධ්‍යස්ථානය ද පිහිටා ඇති ෆ්ලෝරීඩාවට අයත් 9 වැනි කොංග්‍රැෂනල් දිස්ත්‍රික්කය නියෝජනය කරමින්.

1986 දී කොලොම්බියා ශටලයේ නැඟී STS-61-C මෙහෙයුමේ නිරත වූ නෙල්සන් අභ්‍යවකාශයට පිවිසි දෙවැනි කොංග්‍රස් මණ්ඩල සභිකයා ලෙස වාර්තා අතරට එක් වනවා. එම මෙහෙයුමේ නියමුවරයා ලෙස කටයුතු කළ චාලි බෝල්ඩන්, ඔබාමා පාලන සමයේ NASA ප්‍රධානී ලෙස කටයුතු කර තිබෙනවා. STS-61-C මෙයෙහුම ඛේදවාඡයකින් අවසන් වූ චැලෙන්ජර් ශටලයේ STS-51-L මෙහෙයුමට කලින් දියත් වූ ආසන්නතම මෙහෙයුම වීම ද විශේෂත්වයක්.

2019 දී NASA ආයතනයේ උපදේශක කවුන්සිලය වෙත පත්වීම් ලබන බිල් නෙල්සන්, ජනාධිපති ජෝ බයිඩන් විසින් එම වසරේ ම පෙබරවාරියේ NASA හි ප්‍රධානී ධුරය සඳහා නම් කෙරෙනවා. ඉන් මාස දෙකකට පසු සෙනෙට් සභාව විසින් එම පත් වීම ඒකමතික ව සම්මත කරනු ලබනවා.

නෙල්සන් ප්‍රධානී ධුරය ඉසිලූ සමය තුළ NASA ආයතය සිදු කළ මෙහෙයුම් අතර ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය, යුරෝපා ක්ලිපර් යානය, DART මෙහෙයුමේ සාර්ථකත්වය සහ Artemis 1 මෙහෙයුම කැපී පෙනෙනවා.

නව ප්‍රධානියෙකු පත් කරන තුරු එම තනතුරේ වැඩ බැලීම සඳහා ජැනට් පෙට්‍රෝ තෝරාගෙන තිබෙනවා. ඇය ෆ්ලොරිඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරමින් සිටියා. ඇගේ ධුර කාලය කෙටි එකක් වනු ඇති බවට බොහෝ දෙනා විශ්වාස කරන්නේ NASA මුල් පුටුව සඳහා තමාගේ තෝරාගැනීම වන්නේ බිලියනපති තාක්ෂණ ව්‍යවසායකයෙකු මෙන් ම පෞද්ගලික අභ්‍යවකාශ තරණයේ කොටස්කරුවෙකු ද වන ජෙරාඩ් අයිසැක්මන් බව ට්‍රම්ප් නිවේදනය කර ඇති බැවින්.

Space.com ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි



from Vidusara Science Magazine https://ift.tt/8vitoW5
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!