zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අභ්‍යවකාශගත ටෙස්ලා රථය, ග්‍රහකයක් බවට වරදවා වටහාගැනේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

පසුගිය ජනවාරි 02 වැනි දා කේම්බ්‍රිජ්හි පිහිටි තාරකා භෞතික විද්‍යාව පිළිබඳ හාවඩ්-ස්මිත්සෝනියන් මධ්‍යස්ථානයේ ඇති කුඩා ග්‍රහවස්තු මධ්‍යස්ථානය (Minor Planet Center- MPC) විසින් අමුතු ස්වභාවයකින් යුතු ග්‍රහකයක් සොයාගත් බව නිවේදනය කරනු ලැබුණා. ඔවුන් එය නම් කර තිබුණේ 2018 CN41 ලෙසයි. අහස නිරීක්ෂණයේ යෙදෙන පුරවැසි විද්‍යාඥයෙකු විසින් මුල් වරට හඳුනාගනු ලැබ තිබූ එය ගමන් කළ කක්ෂය සුවිශේෂ එකක් වුණා. එය ගමන් කරමින් පැවතියේ පොළොවේ සිට කිලෝමීටර 240,000ක්, එනම් චන්ද්‍රයා පවතින කක්ෂයටත් වඩා ආසන්න දුර ප්‍රමාණයකින්. මෙනිසා එය යම් දිනක පෘථිවිය මතට කඩා වැ‌ටීමේ හැකියාවක් ඇති, අවධානය යොමු කළ යුතු පෘථිවි ආසන්න වස්තුවක් (Near Earth Object – NEO) ලෙස නම් කෙරුණා.

එහෙත් මේ වස්තුවට ඒ තත්ත්වයේ පැවතීමට ඉඩ ලැබුණේ පැය 17ක පමණ කාලයකට පමණයි. නැවත වතාවක් නිවේදනයක් නිකුත් කළ MPC සිය දත්ත පද්ධතියෙන් 2018 CN41 මකා දමන බව සඳහන් කළා. ඊට හේතුව වූයේ මේ වස්තුව ග්‍රහකයක් නොව ඊලෝන් මස්ක්ගේ SpaceX විසින් අභ්‍යවකාශගත කරන ලද Tesla Roadster විදුලි කාර් රථය බව හඳුනා ගැනීමයි.

SpaceX Falcon Heavy ඉහළ අදියරකින් මේ කාර් රථය අභ්‍යවකාශය වෙත දියත් කරනු ලැබුණේ 2018 පෙබරවාරි 06 වැනි දිනයි. එය Falcon Heavy බූස්ටරයේ ප්‍රථම පියාසැරිය ද වුණා. එහි බර ඉසිලීමේ හැකියාව පරීක්ෂා කර බැලීමේ අවස්ථාවක් ලෙස ද මෙය යොදාගැනුණා. අභ්‍යවකාශ ඇඳුමකින් සැරසූ ජීවමාන ප්‍රමාණයේ මිනිස් ඩමියක් ද එහි රියැදුරු අසුනේ ඉන්දවා තිබෙනවා.

සිදු වූ පටලැවිල්ල ලෙහා ගැනීමට ප්‍රවීණ මෙන් ම ආධුනික තාරකා විද්‍යාඥයන්ගේ ද සහාය MPC වෙත ලැබී තිබෙනවා. ඇතැම් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙවැනි ‘සුකුරුත්තම් භාණ්ඩ’ අභ්‍යවකාශගත කිරීම නිසා ඉදිරියේ දී මේ තත්ත්වය තව තවත් ව්‍යාකූල වීමේ අවදානමක් පවතින බවයි.

Astronomy Magazine ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 

 



from Vidusara Science Magazine https://ift.tt/S0vkAU7
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!