zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ස්වයංක්‍රීය පියාසැරියකට අත වනන KC-135

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ඇමරිකානු ගුවන් හමුදාව සතු KC-135 ගුවන් යානයකට කෘත්‍රිම බුද්ධි ස්වයං පියාසැරි සහාය පද්ධතියක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියකට ගුවන් තාක්ෂණ සමාගමක් වන Merlin අත ගසා තිබෙනවා. ඔවුන් පවසන්නේ ඒ පද්ධතියේ සහාය ඇති ව ගුවන් යානය ලබන වසරේ ගුවනට එක් කළ හැකි බවයි.

KC-135 යනු බෝයිංග් සමාගමේ නිෂ්පාදිත අනෙකුත් යානාවලට ඉන්ධන සපයා දිය හැකි ලෙස නිපදවා ඇති tanker වර්ගයේ ගුවන් යානා මාදිලියක්. මේ නව කෘත්‍රිම බුද්ධි ස්වයං පියාසැරි පද්ධතියත් සමඟින් ගුවනේ දී ඉන්ධන සපයා දීමේ ක්‍රියාවලිය නවමු මුහුණුවරක් ගනු ඇති බව Merlin සමාගම පවසනවා.

Merlin සමාගම විසින් KC-135 සිය කෘත්‍රිම බුද්ධි පද්ධතියෙන් ස්ථාපනය කිරීම‌ට අනුමැතිය ලබා දුන් බව නිවේදනය කළේ ඉකුත් නොවැම්බර් මාසයේයි. යානය තුළ පද්ධතිය ස්ථාපනය කර භූමිය මත දී සාර්ථක ව අත්හදා බැලීම සිදු කරන්නට මේ වසර නිම වීමට පෙර හැකි වනු ඇති බව ඔවුන් සඳහන් කර තිබුණා.

“මේක තවත් එක පරීක්ෂණාත්මක දෙයක් නොවෙයි. මේක මෙහෙයුම් සඳහා යොදාගත හැකි ඇත්තම ගුවන් හමුදා යානයක්.” අදහස් දක්වමින් Merlinහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Matt George සඳහන් කරනවා.

2018 දී ඇරඹි Merlin වෙනතු කුඩා මාදිලිවල ගුවන් යානා සඳහා ස්වයං පියාසැරි පද්ධති ස්ථාපනය කර අත්හදා බලා තිබෙනවා. ඒ අතර Cessna Caravan ගුවන් යානයක් ද වනවා. සමස්තයක් වශයෙන් සමාගම පවසන්නේ මිනිස් කාර්ය මණ්ඩල වෙත පැවරෙන වැඩරාජකාරිවල බර අවම වන අයුරින්, ස්වංක්‍රීයකරණ පද්ධති ගැන තබන විශ්වාසය තහවුරු කිරීම සිය අපේක්ෂාව බවයි.

The Warzone ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/Di8qGak
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?

Ad Blocker Detected :(

Please consider supporting us by disabling your ad blocker.

Please Disable your adblocker and Refresh the page to view the site content.


Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!
Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign