zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ආක්ටික්, අයිස්වලින් තොර වන ග්‍රීෂ්මයක් ළඟ ළඟ ම එයි!

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ආක්ටික් වෘත්තයේ අයිස් වේගයෙන් දිය වෙමින් තිබෙන බව කලක පටන් හඳුනාගෙන තිබුණා. හරිතාගාර වායු විමෝචනය නිසා සෑම දශකයකටම වරක් එහි අයිස් තට්ටුලින් 12%ක් අහිමි වනවා.

අක්ටික් මුහුදේ අයිස් තට්ටු ක්ෂය වීම ආක්ටික් පරිසර පද්ධතීන්ගේ සිට ගෝලීය දේශගුණ රටාවන්‌ගේ වෙනස් වීම දක්වා විවිධ මුහුණුවර ඔස්සේ අහිතකර ලෙස බලපාන බව සොයාගෙන තිබෙනවා.

සිදු කරන ලද නවතම අධ්‍යයනයකින් අනතුරු ඇඟවෙන්නේ ආක්ටික්හි අයිස් නොමැති ග්‍රීෂ්ම ඍතුවක් 2027 තරම් මෑත අනාගතයක උදා විය හැකි බවයි.

ජාත්‍යන්තර විද්‍යාඥ කණ්ඩායමක්, පරිගණක ආකෘති යොදා ගනිමින් ආක්ටික්, අයිස්වලින් තොර වන පළමු දිනය සෙවීමේ අරමුණින් යුතු ව මේ අධ්‍යයනය සිදු කර තිබෙනවා.

“ආක්ටික් අයිස්වලින් තොර වන පළමු දවස දේවල් බොහෝම සීඝ්‍ර හෝ නාට්‍යානුරූපී ලෙස වෙනස් කරන්නේ නැහැ.” පර්යේෂණ කණ්ඩායමේ සිටි Colorado Boulder විශ්වවිද්‍යාලයේ දේශගුණ විද්‍යාඥ Alexandra Jahn පවසනවා. “නමුත් ආක්ටික් සාගරයේ ස්වාභාවික පරිසරයනිර්වචනය කළ ගුණාංගයක් අප විසින් සහමුලින් ම වෙනස් කර දැමුණු බව පෙනෙන්නට ලැබේවි.” Jahn සඳහන් කරනවා.

විද්‍යාඥයන් මෙහි දී ආක්ටික් අයිස්වලින් තොර වන්නේ යැයි සලකා ඇත්තේ එහි සාගර අයිස් ආවරණය වර්ග කිලෝමීටර මිලියනයට අඩු වූ විටයි. මෙලෙස ආක්ටික් කලාපය අයිස්වලින් තොර වන පළමු දිනය ගණනය කිරීම සඳහා ඔවුන් පරිගණක සමාකරණ 300කට වැඩි සංඛ්‍යාවක් සිදු කර තිබෙනවා.

මේ අතරින් දේශගුණ පරිගණක ආකෘති බහුතරයක් පෙන්වා දී තිබුණේ අදින් වසර 9 සිට වසර 20ක් දක්වා කාලය ඇතුළත එය සිදු වන බවයි. හරිතාගාර වායු විමෝචනය සීඝ්‍රයෙන් පහළ දැමූවත් මේ තත්ත්වයෙන් ගැලවෙන්නට දැන් ප්‍රමාද වැඩි බව ඉන් පෙන්වා දී තිබෙනවා.

මෙහි ඇති බරපතළ ම තත්ත්වය නම් අදින් වසර තුනකය පසු, එනම් 2027 දී ම මෙය සිදු වීමට තිබෙන හැකියාවයි.

නමුත් පර්යේෂකයන් පවසන්නේ තවමත් බලාපොරොත්තු සහගත සිතිවිල්ලක් පවත්වාගත හැකි බවයි. විමෝචනයන් සීඝ්‍ර ලෙස පහළ දමන්නට හැකි නම් ආක්ටික්, අයිස්වලින් තොර වන දවස කල් දමාගන්නට හැකි බවත්, අයිස්වලින් තොර ව පවතින කාලය අඩු කරගත හැකි බවත් විද්‍යාඥයන් සඳමන් කරනවා.

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/8bKrGoz
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?

Ad Blocker Detected :(

Please consider supporting us by disabling your ad blocker.

Please Disable your adblocker and Refresh the page to view the site content.


Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!
Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign