zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අඟහරු මත මානව පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කළ යුතු බව පර්යේෂකයෝ කියති

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

යකඩ යුගයේ ඉදිකරන ලද ගොඩනැඟිල්ලක පාදමක් සොයා ගැනීම හෝ රෝමානු යුගයේ අසිපතක් සොයාගන්නා පුරාවිද්‍යාඥයෙකුට දැනෙන්නේ අපමණ සතුටක්. අනාගතයේ පුරාවිද්‍යාඥයන් අඟහරු ලොව මත දුහුවිලි අතරින් දිරා ගිය ඉපැරණි NASA රෝවරවල නෂ්ටාවශේෂ නිරාවරණය කරගනිමින් එවැනි ම සතුටක් උපදවා ගනු ඇති බව පර්යේෂකයන් සඳහන් කරනවා.

ඔවුන් සඳහන් කරන්නේ රෝවර, ගොඩබැසුම් ස්ථාන මෙන් ම සුනු විසුණු වී ගිය කොටස් වැනි අඟහරු ලොව මත මිනිසාගේ ක්‍රියාකාරකම් නිරූපණය වන සෑම තැනක් ම සංරක්ෂණය කර මානවයාගේ අභ්‍යවකාශ ගවේෂණය විස්තර කෙරෙන පුරාවිද්‍යාත්මක ස්ථාන ලෙස වාර්තාකරගත යුතු බවයි.

“රෝද පාරවල් මෙන් ම ඉවත ලූ උපකරණ කොටස් ආදී ද්‍රව්‍ය සියල්ලක් ම අපේ වර්ගයා සෞරග්‍රහ මණ්ඩලය වෙත තැබූ පළමු පියවරයන් නිරූපණය කරනවා.” කැන්සාස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය Justin Holcomb සඳහන් කරනවා.

Nature Astronomy ජර්නලයට ලියමින් ඔහු ඇතුළු සගයන් පෙන්වා දෙන්නේ ස්වාභාවික ව සිදු වන දිරාපත් වීම්, උල්කා ඝට්ටන, සැලසුම් නො කළ කඩා වැටීම් සහ අදාළ පෙදෙසට ඉහළින් වෙනත් යානා ගමන් කිරීම ආදී ක්‍රියාකාරකම් නිසා මේ ‘අභ්‍යවකාශ පුරාවිද්‍යාත්මක’ ස්ථානවල පැවැත්ම අනතුරේ හෙළන බවයි.

Holcomb ඇතුළු පර්යේෂණ සගයන් පෙන්වා දෙන්නේ අභ්‍යවකාශයට යැවෙන වස්තූන් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය සතු ව ඇති නමුත්, අඟහරු මත ඇති මානව නිර්මිත පුරාවිද්‍යා උරුමය සිතියම්ගත කිරීමට හෝ වාර්තා තබා ගැනීමට මෙතෙක් නිසි ක්‍රමවේදයක් හඳුන්වා දී නොමැති බවයි.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/8vJQfze
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!