zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

කැනඩා චන්ද්‍ර රෝවරයට නමක් තබන්න, ඔබත් දායක වන්න

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

කැනඩාව නුදුරේ ම සඳ මතට රෝවරයක් යැවීමට නියමිතයි. එයට නම තෝරන්නේ ඔබයි.
2026 දී සඳ මතට යැවීමට නියමිත සිය මංගල චන්ද්‍ර රෝවරය නම් කිරීම සඳහා සුදුසු නමක් ජනතා ඡන්දයෙන් තෝරාගැනීමට කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය (Canadian Space Agency- CSA) තීරණය කර තිබෙනවා. ඔවුන් නිවේදනය කර තිබුණේ එලැඹෙන දෙසැම්බර් 20 වැනි දා දක්වා ලෝ වාසී ඕනෑ ම අයෙකුට අදාළ වෙබ් පිටුවට පිවිස තමා කැමැති නම ඉදිරියේ ඡන්දය ප්‍රකාශ කළ හැකි බවයි.
ඔබේ ඡන්දයට අනුව නම් කෙරෙන මේ රෝවරය කැනේඩියානුවන්ගේ අභ්‍යවකාශ මෙහෙයුම් වඩාත් ක්‍රියාකාරී තලයකට ගෙන ඒමේ අරමුණින් යුතු දීර්ඝ කාලීන සැලසුමක එක් පුරුකක් පමණයි. NASAහි Artemis මෙහෙයුම් සඳහා ද සහයෝගී පදනම ඔස්සේ අත්වැල් බැඳගන්නට CSA කටයුතු කර තිබෙන්නේ එහි එක් පියවරක් ලෙසයි. ලබන වසරේ සිදු වනු ඇතැ යි අපේක්ෂිත සඳ වටා ගොස් යළි පැමිණීමට නියමිත Artemis 2 මෙහෙයුම සඳහා CSA ගගනගාමියෙකු වන ජෙරමි හැන්සන් (Jeremy Hansen) තෝරා පත්කර ගැනීමට ද එය එක් හේතුවක් වී තිබුණා.

පසුගිය දා කැනඩා රජයේ නිල වෙබ් අඩවියෙහි නිවේදනයක් පළකරමින් CSA බලධාරීන් සඳහන් කර තිබුණේ මානව වර්ගයා යළි සඳ වෙත රැගෙන යන ගමනේ කැනඩාව ද කොටස් කරුවෙකු බවයි.
කැනේඩියානු රජය මින් පෙර නො වූ තරමේ උනන්දුවකින් චන්ද්‍ර මෙහෙයුම්
සඳහා මුදල් ආයෝජනය කරමින් සිටින බව දැකගත හැකියි. CSA මඟින් ක්‍රියාත්මක වන Lunar
Exploration Accelerator Program හෙවත් LEAP ව්‍යාපෘතිය ද මේ ඇති වී ඇති නව පුනරුදයට එක් උදාහරණයක්.

රෝවරය නිෂ්පාදනය කරන්නේ Canadensys Aerospace නමැති ටොරොන්ටෝහි ස්ථාපිත සමාගමයි.
2021 වසරේ දී ඒ ව්‍යාපෘතිය මුල් වරට නිවේදනය කෙරුණා. ඝන ස්වරූපයෙන් පවතින ජලය
සොයා යාම එහි මුඛ්‍ය පරමාර්ථයයි. චන්ද්‍රයා මත එක් එක් ඉංජිනේරුමය පද්ධතීන්ගේ හැසිරීම පරීක්ෂා කර බැලීම, වඩා ගුණාත්මක වටහාගැනීමකට තුඩු දෙන පරිදි චන්ද්‍ර පස් සාම්පල විශ්ලේෂණය කිරීම සහ අනාගත චන්ද්‍රගාමීන් හට මුහුණ දීමට සිදු වන සූර්ය විකිරණයේ තත්ත්වය මැන බැලීම ද ඊට අයත් අවශේෂ ප්‍රමුඛත්වයන් අතර වනවා. නිම වීමෙන් පසු, එය ප්‍රමාණයෙන් වර්ග සෙන්ටිමීටර 50ක් වනු ඇති අතර කිලෝ‍ග්‍රෑම් 35ත් 40ත් අතර බරකින් යුතු වන බවට අපේක්ෂිතයි.

CSA විසින් මහජන ඡන්දය සඳහා ඉදිරිපත් කර ඇත්තේ තෝරාබේරාගත් නම් ගණනාවක්
අතුරෙන් අවසන් වටය සඳහා තෝරාගනු ලැබුණු නම් හතරක් පමණයි. ඒවා පහත පරිදියි.

01) Athabasca (ඇතබැස්කා)
කැනඩාවේ පිහිටා ඇති ගංගාවක්. රොකී කඳු පන්තියේ සිට එනමින් ම යුතු විලක් වෙත ගලා බසින එය අනාදිමත් කාලයක සිට ප්‍රවාහනයට, ආර්ථික වර්ධනයට මෙන් ම ගවේෂණයන්ට මඟ පාදා
තිබෙනවා. වැඩි ඡන්දයෙන්
මෙය තෝරාපත් කර ගැනුණහොත් අනාගත
මෙහෙයුම් සඳහා කැනඩාවේ පිහිටි ස්වාභාවික පිහිටීම්වල නම්වලින් නම් කිරීමට ඔවුන් අදහස් කරගෙන සිටිනවා.

02) Glacier (ග්ලැසියර්)
සරල ව ම පැවසුවහොත් ග්ලැසියර තැනෙන්නේ ජලය ඝන වීමෙන් සෑදෙන අයිස්වලින්. සඳ මතට යන රෝවරයේ අරමුණ වන්නේත් අයිස් ලෙස පවතින ජලය සෙවීමයි. එසේ ම
ඇන්ටාක්ටිකාව සහ ග්‍රීන්ලන්තය අමතක කළ විට ලොව ඇති ග්ලැසියර අතරින් 20%ක් ම
කැනඩාව සතුයි.
03) Courage (කරේජ්)
නිර්භීතබව සහ ආත්ම විශ්වාසය සහ උත්සාය අදහස් කෙරෙනවා. රෝවරය යථාවක් බවට හැරවීම දක්වා පැමිණි ගමන් මඟ ඉන් අනියමාර්ථෙයන් අදහස් කෙරෙනවා.

04) Pol-R (පොල්-ආර්)
Polar හෙවත් ධ්‍රැවය යන්න නිර්මාණාත්මක ලෙස කැටි කළ අවස්ථාවක් ලෙස මෙය හඳුන්වා දෙනවා. කැනඩාව උත්තර ධ්‍රැවයේ පිහිටා ඇති අතර ලෑන්ඩරය සැරසරනු ඇත්තේ චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය මතයි.

මෙය මත ක්ලික් කිරීමෙන් ලැබෙන වෙබ් පිටුවට පිවිසීමෙන් ඔබ කැමතිම නම ඉදිරියේ ඡන්දය ප්‍රකාශ කළ හැකියි.

සෞන්දර්ය සෙනරත්

 



from Vidusara Science Magazine https://ift.tt/piHnoe5
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?

Ad Blocker Detected :(

Please consider supporting us by disabling your ad blocker.

Please Disable your adblocker and Refresh the page to view the site content.


Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!
Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign