zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

XB-1 දෙවැනි පරීක්ෂණ පියාසැරිය සිදු කරයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ඇමරිකාවේ කොලරාඩෝහි පිහිටි Boom Supersonic සමාගමේ නිෂ්පාදිත XB-1 අතිධ්වනික මූලාකෘති ගුවන්යානයේ දෙවැනි පරීක්ෂණ පියාසැරිය ඉකුත් සඳුදා (26) සාර්ථක ව සිදු කර තිබෙනවා.

කැලිෆෝර්නියාවේ මොජේව් ගුවන් සහ අභ්‍යවකාශ අංගණයේ (Mojave Air and Space Port) සිට ගුවන් ගත වූ යානය විනාඩි 15ක කාලයක් පියාසැරියේ යෙදී තිබුණා. ඒ අඩි 10,400 ක ඌන්නතාංශයකට සහ පැයට කිලෝමීටර 446ක වේගයකට ළඟා වෙමින්.

මෙහි දී ප්‍රථම වතාවට ගුවනේ සිටිය දී යානයේ ගොඩබැස්සුම් ගියර එසවීම සහ පහත් කිරීම පළමු වැනි වතාවට නිරූපණය කෙරුණු අතර අලුතෙන් ස්ථාපනය කරන ලද අංකිතමය ස්ථාවර පද්ධතිය හෙවත් digital stability augmentation system ද සාර්ථක ලෙස අත්හදා බැලුණා.

Boom Supersonic කළ නිවේදනයකට අනුව XB-1 හි පරීක්ෂණ පියාසැරියේ සාර්ථකත්වය මත මේ වසර තුළ දී තවත් පරීක්ෂණ පියාසැරියක් සිදු කිරීමට නියමිත ව තිබෙනවා.

XB-1 හි පළමු වැනි පරීක්ෂණ පියාසැරිය සිදු වූයේ ඉකුත් මාර්තු මාසයේ දීයි. එය තවමත් ශබ්ධයේ බාධකය බිඳ වැටෙන පරිදි අතිධ්වනික වේගයෙන් පියාසර කරවා නැහැ. සමාගම අදහස් කරගෙන සිටින්නේ අතිධ්වනික වේගයට ළඟා වීමට පෙර තවත් මෙවැනි ම පරීක්ෂණ පියාසැරි 10 ක් වත් සිදු කරීමටයි.

Space.com ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!