zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

වසර 2700ක් පැරැණි ගල් මුද්‍රාවක් ජෙරුසෙලමෙන් සොයා ගැනේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ක්‍රිස්තු පූර්ව 1200ත් 586ත් අතර පැවැති First Temple period හෙවත් ලොව මුල් ම දෙවොල් යුගයට අයත් දුර්ලභ ගණයේ පාෂාණමය මුද්‍රාවක් ජෙරුසෙලමෙන් සොයාගත් බව ඉකුත් දා ඊශ්‍රායල පුරාවස්තු අධිකාරිය (Israel Antiquities Authority) නිවේදනය කළා. මේ ගල් මුද්‍රාවේ යකෙකු හෝ භූතාත්මයක රූපය මෙන් ම පැරැණි හීබෘෘ අක්ෂර ද කොටා තිබෙනු දැකගත හැකියි.

මෙය මුලින් ම සොයාගෙන තිබුණේ පැරැණි ජෙරුසෙලම් නගරයේ දෙවොල් කන්ද හෙවත් Temple Mount හි පිහිටි ඩේවිඩ්සන් පුරාවිද්‍යාත්මක උද්‍යානයේ සිදු කරන ලද කැණීමක දීයි. ඊශ්‍රායල පුරාවස්තු අධිකාරිය සහ ඩේවිඩ් නගර පදනම එක් ව සිදු කරන ලද කැණීම් අතර තුර දී මෙය හමු ව තිබුණා.

ගල් මුද්‍රාවේ එක් දෙපස දාර යා කරමින් සිදුරක් පවතින අතර, පුරාවිද්‍යාඥයන් පවසන පරිදි එය මාලයක් හෝ වෙනත් ආභරණයක් ලෙස පැළඳිය හැකි ලෙස තනා තිබෙනවා. නිර්මාණකරණයේ දී ලැබුණු ඇසිරියානු ආභාෂය පෙන්නුම් කරමින් එහි මුහුණතේ යක්ෂ ආත්මයකගේ බව විශ්වාස කළ හැකි රූපයක් කොටා තිබෙනවා.

පුරාවිද්‍යාඥයන් සඳහන් කරන පරිදි මේ සොයාගැනීම විශේෂ මෙන් ම දුර්ලභ වන්නේ ඊශ්‍රායල කලාපයේ මින් පෙර සිදු කරන ලද පුරාවිද්‍යා කැණීම්වලින් මෙවැනි යක්ෂ රූප සහිත පුරාවස්තූන් සොයාගෙන නො තිබීම නිසයි. මේ පාෂාණමය මුද්‍රාව යුදෙව් සහ ඇසිරියානු සංස්කෘතීන් දෙකෙහි සම්මිශ්‍රණයක් පෙන්නුම් කරන අතර ජෙරුසෙලම ආශ්‍රිත ව ඇසිරියානු සංස්කෘතියේ ව්‍යාප්ත වීමක් ද සිදු ව ඇති බව යෝජනා කරනවා.

විශේෂඥයන් අදහස් දක්වන පරිදි එය අවම තරමින් වසර 2700ක් වත් පැරැණි විය යුතුයි. එහි පැරැණි හීබෘෘ බසින් කොටා ඇත්තේ “LeYehoʼezer ben Hoshʼayahu” යන්නයි. “Hosh’ayahu ගේ පුතණුවන් වන Yeho’ezer වෙත” යන්න ඉන් අදහස් කෙරෙනවා.

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!