zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

කෝවිඩ් සමය තුළ Facebook පළ කිරීම් වාරණය කරන ලෙස රජය බලපෑම් කළ බව සකර්බර්ග් හෙළි කරයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

කෝවිඩ් 19 වසංගත සමයේ ඇමරිකානු රජය Facebook හා Instagram හි පළ කෙරෙන අන්තර්ගතයන් වාරණය කරන ලෙස ඇමරිකානු රජයෙන් බලපෑම් එල්ල වූ බව Meta ප්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග් පසුගිය දා හෙළි කළා. ඔහු මේ බව අනාවරණය කර තිබුණේ ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල අධිකරණ කමිටු ප්‍රධානී ජිම් ජෝර්ඩන් වෙත යවන ලද ලිපියකින්.

2021 දී ජෝ බයිඩන් පරිපාලනය යටතේ ධවල මන්දිරයේ බලධාරීන් වෙතින් දිගින් දිගට ම එවැනි බලපෑම් එල්ල වූ බව සකර්බර්ග් සඳහන් කරනවා. ඔහු ලිපියෙන් පෙන්වා දෙන පරිදි වාරණය කළ යුතු බවට දැන්වූ පළ කිරීම් අතර හාස්‍ය රසය සහ උපහාසය මුසු අන්තර්ගතයන් ද වනවා.

ඔහු ඒ ලිපියෙන් වැඩිදුරටත් දන්වා යවා ඇත්තේ රජයෙන් පීඩනයට ලක් වන්නට සිදු වීම ගැන කනගාටුවට පත් වන බවයි. මින් මතුවට එවැන්නක් සිදු නො කිරීමට දැඩි ලෙස තීරණය කර ඇති බව ද එහි දැක්වුණා.

“අවසානයේ අන්තර්ගතයන් ගලවා දමනවා ද නැති ද යන්න තීරණය කිරීමේ අයිතිය ඇත්තේ අපටයි. අපේ තීරණ අයිති වන්නේ අපටයි. මේ පීඩනකාරී වාතාවරණය මැද වුවත් කෝවිඩ් – 19ට අදාළ සාධනීය වෙනස්කම් රැසක් සිදු කරන්නට අපි පියවර ගත්තා.” සකර්බර්ග් සඳහන් කරනවා. “මම විශ්වාස කරනවා රජයෙන් එල්ල වූ පීඩනය අයුතු එකක් බවත්, අප මෙතෙක් ඒ ගැන කතා නො කිරීම කනගාටු විය යුතු කරුණක් බවත්.” ලිපියේ සඳහන්.

වසංගත සමය තුළ කෝවිඩ් – 19 ගැන වැරැදි තොරතුරු සහිත පළ කිරීම් යටින් ඒ බව දන්වා කැපී පෙනෙන පරිදි විශේෂ සටහනක් එක් කිරීමට Facebook පියවර ගෙන තිබුණා. කෝවිඩ් එන්නත් විවේචනය කරමින් සහ කෝවිඩ් 19 යනු චීන විද්‍යාගාරයක් තුළ සංවර්ධනය කරන ලද වයිරසයක් බවට වූ මතවාද පළ කිරීම් මකා දමන්නට ද Facebook කටයුතු කර තිබුණා. 2020 ඇමරිකානු ජනාධිපතිවරණ ප්‍රචාරණ සටනේ දී බයිඩන් විවේචන එල්ල කරමින් සඳහන් කළේ එන්නත්කරණ ක්‍රියාවලිය ගැන අසත්‍ය පළ කිරීම් සිදු කරන්නට ඉඩ හරිමින් Facebook සහ Instagram ‘මිනිසුන් මරමින්’ සිටින බවයි.

“මම හිතන්නේ අපි ආපසු හැරී බලන විට අපි අද නො ගන්නා මට්ටමේ තීරණ කිහිපයක් ඒ දිනවල ගෙන ඇති බවයි. අප ඒ ගැන ප්‍රසිද්ධියේ කතා නො කිරීම ගැන මම පසුතැවෙනවා.” ඔහු ලිපියෙන් සඳහන් කරනවා.

“මම තරයේ විශ්වාස කරනවා අන්තර්ගතවල ප්‍රමිතිය කිසිඳු පරිපාලනයකට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට ඉඩ නො තැබිය යුතු බව. මෙවැනි යමක් යළි සිදු වුණොත්, අප ඒවැනි බලපෑම් ප්‍රතික්ෂේප කිරීමට සූදානම්.”

රිපබ්ලිකන් පක්ෂයට වැඩි බලයක් ඇති කොංග්‍රස් මණ්ඩල අධිකරණ කමිටුව සකර්බර්ග්ගේ මේ ලිපිය භාෂණයේ නිදහස වෙනුවෙන් ලැබූ ජයග්‍රහණයක් ලෙස ඉස්මතු කරනවා. ධවල මන්දිරය සඳහන් කරන්නේ වසංගත සමයක වගකීම් සහගත ලෙස කටයුතු කිරීමට දිරිමත් කිරීම, මහජන සෞඛ්‍යය සහ රැකවරණය තහවුරු කිරීමෙහි ලා ගත් තීරණයක් බවයි.

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!