zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

පාන් වර්ගයක නම ලද යුක්‍රේනයේ නවතම ඩ්‍රෝන මිසයිලය – Palianytsia

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

යුක්‍රේන ජනාධිපති ව්ලැදිමිර් සෙලෙන්ස්කි එරට නිපදවන ලද නවතම දිගු දුර ඩෝන මිසයිලය හඳුන්වා දෙනු ලැබුණා. Palianytsia හෙවත් යුක්‍රේනයේ බහුල ව පරිභෝජනය කෙරෙන පාන් වර්ගයක නමින් නම් කර ඇති මෙය සංවර්ධනය කර තිබුණේ මාස 18කටත් අඩු කාලයක් ඇතුළතයි.

රුසියානු දේශසීමාවේ පිහිටන ප්‍රහාරක ගුවන් පථ ගණනාවක් ම ඉලක්ක කළ හැකි පරිදි ආවරණ කලාපයක් නව ඩ්‍රෝන මිසයිලය සතු බව යුක්‍රේන වාර්තා සඳහන් කරනවා.

කෙසේ නමුත් යුක්‍රේනය සිය නවතම ගුවන් අවිය ගැන වැඩිමනක් තොරතුරු හෙළි කර නැහැ. එහි ඇති සංවේදී බව නිසා ම ත්‍රිමාන රූපණ කිහිපයක් හැරුණු කොට තාක්ෂණික තොරතුරු හෙළි නො කිරීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා. Palianytsia ඩ්‍රෝන මිසයිල කොපමණ සංඛ්‍යාවක් මේ වන විට නිපදවා තිබේ ද, කොපමණ නිපදවන්නට බලාපොරොත්තු වන්නේ ද යන්න පවා මහජනයාට මෙතෙක් හෙළි කර නොමැති බ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ නමුත් දැනට වාර්තා වන තොරතුරුවලට අනුව Palianytsia ඩ්‍රෝන මිසයිලයට දැනට රුසියාව විසින් පවත්වාගෙන යනු ලබන මිලිටර්මය ඉදිකිරීම් 24කට පමණ ප්‍රහාර එල්ල කළ හැකි යි. ලෝන්චරයක් මඟින් පොළොවේ සිට දියත් කළ හැකි එය ප්‍රචාලනය සිදු කරන්නේ ටර්බෝජෙට් එන්ජිමකින්.

මෙය නිපදවීමේ ක්‍රියාන්විතය සිදු වූයේ දේශිය ඩ්‍රෝන පර්යේෂණ සහ සංවර්ධන කටයුතු බලගැන්වීම සඳහා ඇරඹුණු ව්‍යාපෘතියක මූලිකත්වයෙන්. ඉන් අදාළ ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට බලාපොරොත්තුවෙන් සිටින පෞද්ගලික සමාගම්වලට පූර්ණ අවසරය ලබා දීම හා දිරිමත් කිරීමත්, රාජ්‍යයට අයත් සැලසුම්කරණ ආයතනවලට ලැබෙන ප්‍රතිපාදන වැඩි කිරීමත් සිදු වුණා.

නව ඩ්‍රෝන මිසයිලය එළි දැක්වුණේ යුක්‍රේනය ඩ්‍රෝන යානා හැසිරවීම සඳහා ම විශේෂඥ දැනුම සහිත Unmanned Systems Forces (USF) බලඝණය පිහිටුවා කෙටි කලකින් වීම ද විශේෂත්වයක්.

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!