සුජාතා සිටු දියණිය පුජා කල කිරිපිඬු වළදා එම රන්තැලිය නේරංජනා නදියේ පා කර හැරිය සිද්ධාර්ථ බෝසතාණෝ, සත්‍ය අවබෝධ කර ගෙන මිස මෙතැනින් නොනැගිටිමි යන දැඩි අධිෂ්ඨානයෙන් ඇසතු බෝ රුක මුල අසුන් ගත්හ. ලොව වෘක්ෂයන් කොතරම් තිබුණත් සිද්ධාර්ථ බෝසතාණන් බුදු වීමට ඇසතු බෝ වෘක්ෂයම තෝරා ගත්තේ ඇයි? ඊට විශේෂ හේතුවක් ඇද්ද? නැත්තම් විශේෂ කරුණකින් තොරව අහඹු ලෙස තමන්වහන්සේට හමුවු ඇසතු බෝ වෘක්ෂය තෝරා ගත්තා ද?
ඇසතු බෝ ගස Ficus religiosa යන උද්භිත විද්‍යාත්මක නමින් හැඳින්වේ. මෙය Moraceae කුලයට අයත් ශාකයකි. දකුණු සහ අග්නිදිග ආසියානු රටවල් මුලික කර ගනිමින් වර්ධනය වේ. එය Bodhi tree ලෙස ඉංග්‍රිසි බසින් හඳූන්වන අතර, කිරි සහිත ගසක් බැවින් ක්ෂීර වෘක්ෂ ලෙස ද, නෙත් සතුටු වන අයුරින් නිතර සෙලවෙන පත්‍ර ඇති නිසා චලපත්‍ර ලෙස ද ඊට නම් පටබැඳී ඇත.
බුදූන් වැඩ සිටි සමයට පෙර වසර හාර දහසකට පමණ පෙර සිට ම ඇසතු පුජනියත්වයට පත් වු වෘක්ෂයක් බවට සාධක ඇත. ලොව පැරණිතම ඍශ් වේද මුලාශ්‍රයන්ට අනුව පිප්ඵලී වෘක්ෂය ලෙස නම් කර ඇත. ඊට හේතුව හීන් හැඩැති ඇටයක් සහිත වීමය. භාරතිය නේරි කැටයමෙන් ද තහවුරු වෙයි. තවදූරටත් මොහෙන්දොජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයට අයත් මුද්‍රා දෙකක් ද හමුවෙයි. එක් මුද්‍රාවක දෙපසට බෙදී ගිය ගසක මුදූනේ ඇසතු කොළයක් නිරුපණය වෙයි. අනෙක් මුද්‍රාවේ කඟවේණ පුට්ටුවක් අතරින් දෙපසට විහිදි ගිය ඇසතු බෝ කොළ සහිත ගසක් නිරූපණය වේ. මෙවැනි ඉපැරණි කරුණු ඔස්සේ මුලික ශිෂ්ඨාචාරයන් හිද ඇසතු වෘක්ෂයට තිබුණු පිලිගැනිම තහවුරු වෙයි.
ඇසතු බෝ ගස Ficus religiosa යන උද්භිත විද්‍යාත්මක නමින් හැඳින්වේ. මෙය Moraceae කුලයට අයත් ශාකයකි. දකුණු සහ අග්නිදිග ආසියානු රටවල් මුලික කර ගනිමින් වර්ධනය වේ. එය Bodhi tree ලෙස ඉංග්‍රිසි බසින් හඳූන්වන අතර, කිරි සහිත ගසක් බැවින් ක්ෂීර වෘක්ෂ ලෙස ද, නෙත් සතුටු වන අයුරින් නිතර සෙලවෙන පත්‍ර ඇති නිසා චලපත්‍ර ලෙස ද ඊට නම් පටබැඳී ඇත.
ඇසතු වෘක්ෂයම තෝරා ගත්තේ ඇයි?
මේ පිළිබඳව විද්‍යාත්මක ඇසකින් බලන විට, ඇසතු වෘක්ෂය ඕනෑම ශුෂ්ක දේශගුණයක හෝ ස්ථානයක පවා වර්ධනය විය හැකි ශාකයකි. එවැනි පරිසර තත්ත්වයන්ට ඔරොත්තු දිය හැකි පරිදි ශාකයේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වයද සැකසී ඇත. Crassulacean Acid Metabolism නැතහෙත් CAM ප්‍රභාසංශ්ලේෂණය ක්‍රියාවලිය ඇසතු වෘක්ෂය සතුව ඇති සුවිශේෂී ලක්ෂණයකි. මෙහිදි සිදුවන්නේ රාත්‍රි කාලයේදි පත්‍රවල පුටිකා සෛල විවෘත කර CO2 උරා ගැනීමයි. මෙසේ වායුගෝලයේ ඇති CO2 වායුව ලබා ගෙන malate ලෙස රඳවා ගැනේග මේ ක්‍රියාවලිය සිදුවන්නේ PEP carboxylase එන්සයිමය මගිනි. දහවල් කාලයේදි පුටිකා විවෘත නොවන අතර malate කාබනික අම්ලය PEP carboxykinase එන්සයිමය භාවිතා කර සාමාන්‍ය ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය සිදු කරයි. මේ මඟින් පත්‍රවල ජලය වාෂ්ප නොවී රඳවා ගැනේ.
ඇසතු රුකම තෝරා ගැනිමට හේතු වූ ඉතා වැදගත් කරුණකි රාත්‍රි කාලයෙදි කාබන්ඩයොක්සයිඩ්ි වායුව උරාගැනීම. මේ ක්‍රියාවලිය හේතුවෙන් ශාකය මඟින් පිටකරන කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය අවම වෙයි. යමෙකු ඇසතු බෝ රුක මුල භාවනායෝගිව සිටිමේදී රාත්‍රියේදි පවා කිසිදු අපහසුතාවයකින් තොරව සිසිලසක් ලැබෙන බැවින් භාවනාව පහසු වෙයි.
අනෙක් අතට වැඩි වාණිජ වටිනාකමක් නැති ශාක විශේෂයක් මිනිසාට ප්‍රයෝජ්‍යතාවක් නැති නිසා වඳ වී යාමට ඇති ඉඩකඩ සාපේක්ෂව ඉහළය. මෙලෙස ශාක හා සත්ත්ව විශේෂ පරිසරයෙන් වඳවී යාම ජෛව විවිධත්වයට මෙන්ම පරිසර සමතුලනයට ද බලපායි. එහෙත් යම් වෘක්ෂයක් ආගමික හෝ සංස්කෘතික හේතූන් මත පූජනීයත්වයට පත් වුවහොත් එම ශාකය මිනිසා අතින් වඳ වී යාමට ඇති සම්භාවිතාව බෙහෙවින්ම පහළ බසී. ඇසතු බෝධි වෘක්ෂය සම්බන්ධයෙන්ද මේ කරුණ සාධාරණ වේ.
සියලු කරුණු සලකා බැලූ කල සිද්ධාර්ථ බෝසතානන් බුද්ධත්වය සඳහා පිට දුන් වෘක්ෂය අහඹු ලෙස හෝ එකල ජනප්‍රසාදය අනුව තෝරා ගත් වෘක්ෂයක් නොවන බව තහවුරු වේ. ඇසතු වෘක්ෂය යනු බෝසතානන්ට බුදු විමට සෙවණ සලසා බුදුන්ගෙන් ද උපහාර ලද වෘක්ෂයකි.
අපරාජිත් මනුප්‍රිය හෙට්ටිආරච්චි
Post a Comment