zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

මිනිස් බසේ සංකීර්ණත්වයට ආසන්නත ම හඬ භාවිතය මන්ද තල්මසුන් සතුයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

මන්ද තල්මහ නඟන ශබ්ද අප සිතා සිටියාට වඩා අතිශය සංකීරණ බව නවතම අධ්‍යයනයකින් පෙන්වා දෙනවා. එය මෙතෙක් හඳුනාගෙන ඇති පරිදි සතුන් අතර සන්නිවේදනයන් අතරින් මිනිස් භාෂාවට ආසන්නතම භාෂා භාවිතය බව ඉන් යෝජනා කෙරෙනවා.

ඉහත ප්‍රකාශ පදනම් වී තිබෙන්නේ වසර ගණනාවක් තිස්සේ පටිගත කෙරුණු කැරිබියානු මන්ද තල්මහ (Physeter macrocephalus) රංචු අතරේ සිදු වන සංවාද දහස් ගණනක් ක්‍රමානුකූල ව විශ්ලේෂණය කිරීමෙන්.

“මේ ග්‍රහලෝකය මත තවත් ජීව විශේෂයක් සංවාදාත්මක මට්ටමට පැමිණ සිටින බව දැකීම අතිශය සුවිශේෂ යමක් බව කිව යුතුයි. අපි හිතන්නට පුරුදු වී සිටියේ ඒ අපි පමණක් බවයි.” මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ Daniela Rus සඳහන් කරනවා.

Sperm whale හෙවත් මන්ද තල්මහ දීර්ඝායුෂ විඳින, සංකීර්ණ සමාජ ජීවන රටාවක් ඇති තල්මහ විශේෂයක් වන අතර ඔවුන්ගේ ගැහැණු සතුන් හා පැටවුන් කුඩා රංචු වශයෙන් සැරි සරනවා. ඔවුන් සිය ප්‍රියතම ආහාරය වන දැල්ලන් ගොදුරු කරගන්නේ කෙටි ස්වර ඛණ්ඩ පිට කර එහි ප්‍රතිධ්වනි තරංගයට අවධානය දීමෙන්. මෙය echolocation ලෙස හැඳින්වෙනවා. තත්පර කිහිපයක් පුරා දිවෙන කෙටි ස්වර ඛණ්ඩ රටා අක්‍රමවත් ලෙස පිට කරමින් රංචුවේ එකිනෙකා වෙත අමතන බව නිරීක්ෂණය කර තිබුණත් ඒවායේ එකින් එකට ඇති වි‍ශේෂත්වය හඳුනාගෙන තිබුණේ නැහැ.

“ඔවුන් කිමිදෙන්නේ එකට, ඔවුන් කන්නේ, දඩයම් කරන්නේ එකට. මේ සාමුහික ක්‍රියාකාරකම් අතරතුර සෑම වේලාවක ම අපට ඒ නාදයන් ඇසෙනවා. ඉතින් ප්‍රශ්නය තමයි, ඒවායේ අර්ථය කුමක් ද කියන එක.” Rus සඳහන් කරනවා.

මෙයට පිළිතුරු සැපයීම සඳහා Rus සහ කණ්ඩායම විසින් පටිගත කෙරුණු මන්ද තල්මහ නාදයන් 9000ක් පමණ විශ්ලේෂණය කෙරුණා. මේ නාද සියල්ල පටිගත කර තිබුණේ 2014 – 2018 අතර කාලය තුළ තල්මහගේ සිරුරු පිටත සවි කළ මයික්‍රොෆෝන මඟින්.

මුලින් පර්යේෂකයන්ගේ අදහස වී තිබුණේ මේ තල්මහ රංචුව ‘කෝඩා’ ලෙස හැඳින්වෙන එකිනෙකට වෙනස් නාද රටා 21ක් යොදාගන්නා බවයි. නමුත් මේ විශ්ලේෂණයේ දී පෙනී ගියේ එතැන ඇත්තේ එකිනෙකට වෙනස් මූලික කෝඩා 18ක් පමණක් බවයි. නමුත් ඒවා ඇතැම් අවස්ථාවල දී තව තවත් සංකීර්ණ වෙමින් භාවිත වී ඇති බව පෙනී ගොස් තිබුණා.

උදාහරණයක් වශයෙන් මේ වන විට හඳුනාගෙන ඇති කෝඩාවක් තල්මහකු විසින් පිටකරනු ලැබුවේ එහි මුලට හෝ අගට තවත් අමතර කෑ ගැසීමක් එකතු කරමින්. එය බොහෝ විට මෙතෙක් අසා සිටින තල්මහට කතා කිරීමට අවස්ථාව සලසා දීමක් ලෙස පෙනී යන බව පර්යේෂකයන් පවසනවා.

එසේ ම ඇතැම් අවස්ථාවල දී කෝඩාවල නියමිත රිද්මය පවත්වා ගනිමින්, අඩු වේගයක් සහිත ව ඇදීමකට ලක් කරමින් පිට කරන බව ද සොයාගනු ලැබුණා.

මේ සොයාගැනීම් මත පර්යේෂණ කණ්ඩායම අනුමාන කරන්නේ ඔවුන්ගේ දත්ත පද්ධතිය තුළ ඇති හඬ රටා ගණන 156ක් වුවත්, සැබෑ පරිසරය තුළ ඒ අගය වැඩි විය හැකි බවයි. ඔවුන් අනාගතයේ දී පටිගත කෙරෙන මන්ද තල්මහ හඬ පට වර්ගීකරණය පහසු කිරීම සඳහා මේ අධ්‍යයනය ආශ්‍රයෙන් මන්ද තල්මහ “වාග් වර්ණමාලාවක්” ද නිමවීමට ඔවුන් කටයුතු කර තිබුණා.

New Scientist ඇසුරෙනි.

සෞනර්දර්ය සෙනරත්

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!