zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

“අපායේ දොරටුව” වසරක් පාසා වර්ධනය වන බව ඔබ දැන සිටියා ද?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

නැඟෙනහිර රුසියාවේ සයිබීරියානු නිත්‍යතුහින භූමියේ පිහිටා තිබෙන Batagay මහා අවපාතය කෙතරම් විශාලත්වයකින් යුතු ද යත්, “අපායේ දොරටුව” යන්න එයට පටබැඳී ඇති අන්වර්ථ නාමයයි.

රුසියාවේ නැඟෙනහිර Yakutiaහි සිදු වූ කඳු නාය යෑමකින් පසු 1991 වසරේ දී ගැනුණු චන්ද්‍රිකා ඡායාරූප මඟින් එය පළමු වරට හඳුනා ගැනුණා. නාය යෑම හේතුවෙන් කඳු ප්‍රදේශයේ ඉතිර ව පැවති කොටසේ නිත්‍ය තුහින තට්ටු පිටතට නිරාවණය වී තිබුණා. වසර 650,000ක් තරම් ඈත අතීතය තෙක් විහිදී යන නිත්‍ය තුහින තට්ටු ඒ අතර තිබුණා.

නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇති පරිදි Batagay මහා අවපාතය සෑම වසරකට ම ඝන මීටර මිලියන බැගින් වැඩෙමින් පවතිනවා. පර්යේෂකයන් අනාවරණය කරගෙන ඇති පරිදි මෙයට ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. පළමු වැන්න අවපාතයේ ඉවුර නිත්‍ය තුහින තට්ටුවේ දිය වී යාම මත වසරකට මීටර 12ක වේගයෙන් අපගමනය වීමයි. දෙවැන්න 1991 දී කන්⁣දේ සිට කඩාගෙන වැටුණු කොටස ද වේගයෙන් දිය වී, ගිලී යාමයි.

“නිත්‍ය තුහින තට්ටුවල වේගවත් දිය වී යාමේ ලක්ෂණය ආක්ටික් හා උප-ආක්ටික් නිත්‍ය තුහින බිම්වල වැඩි වශයෙන් නිරීක්ෂණය කළ හැකියි.” පර්යේෂණ කණ්ඩායම Geomorphology ජර්නලයේ පළ වූ අධ්‍යයන වාර්තාවේ සඳහන් කරනවා. එය සාමාන්‍ය ලක්ෂණයක් වුවත් Batagay මහා අවපාතය ආශ්‍රිත අයිස් දිය වීම “කැපී පෙනෙන ලෙස” ඉහළ අගයක් ගන්නා බව පෙනී ගොස් තිබෙනවා. එයට හේතුව අවපාතය සතු විශාලත්වයයි. 2023 වන විට එය මීටර 990ක පළලකින් යුතු වුණා. 2014 වසරේ එහි පළල සටහන් වූයේ මීටර 790ක් ලෙසයි. එහි අදහස වසර දහයක කාලය තුළ “අපායේ දොරටුව” මීටර 200කින් වර්ධනය වී ඇති බවයි.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!