zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

මුල් ම චක්‍රාවාට තුනක උපත ප්‍රථම වරට ජේම්ස් වෙබ් නෙතට හසු වෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

අප දන්නා විශ්වයේ බිහි වූ මුල් ම චක්‍රාවාට තුනක උත්පත්තිය ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ආධාරයෙන් දැක ගැනීමට විද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා.
පසුගිය මැයි 23 වැනි දා Science ජර්නලයේ පළ කරන ලද වාර්තාවකට අනුව මහා පිපුරුම සිදු වී වසර මිලියන 400 සිට 600 දක්වා වන කාලයක් තුළ ආදිකල්පික හයිඩ්‍රජන් හා හීලියම් වායු වලාවකින් බිළිඳු චක්‍රාවාටයන් තුනක් බිහිවන අන්දම හඳුනාගෙන තිබෙන්නේ ප්‍රථම වතාවටයි.
මේ අප චක්‍රාවාට බිහි වීම පෙන්වන මෙතෙක් දැක් තිබෙන පළමු ඍජු දසුන් බව ඉහත අධ්‍යයන වාර්තාවේ ප්‍රධාන කතුවර ඩෙන්මාර්කයේ කෝපන්හේගන් සරසවියේ Cosmic Dawn Center (DAWN) හි තාරකා භෞතික විද්‍යාව පිළිබඳ සහාය මහාචාර්ය Kasper Elm Heintz සඳහන් කරනවා.
මෙයට පෙර ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මුල්ම චක්‍රාවාට වල පරිණාමයේ පසු අවධි අපට පෙන්වා තිබුණ ද දැන් අප සාක්ෂි දරන්නේ ඒවායේ උත්පත්තිය පිළිබඳ ව බව ඔහු පවසනවා.

මෙම අධ්‍යයනයේ දී මහා පිපුරුම සිදු වී වසර මිලියන 600 කට නො වැඩි කාලයක් තුළ බිහි වූ මුල් ම චක්‍රාවට 12 ක් නිරීක්ෂණය සඳහා පර්යේෂකයන් විසින් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ආධාර කරගෙන තිබෙනවා.
ඒ වන විට වසර බිලියන 13.8 ක් වයසැති අපේ විශ්වයේ ආයු කාලයෙන් ගෙවී තිබුණේ 3% ක කාලයක් පමණයි.
එම කාලය වන විට විශ්වය පුරා පැතිරී තිබූ විද්‍යුත් වශයෙන් උදාසීන හයිඩ්‍රජන් වායුවෙන් සමන්විත ඝන වලාවන් මඟින් අවශෝෂණය කළ විකිරණය ආධාරයෙන් පර්යේෂණ කණ්ඩායම විසින් නව චක්‍රාවාට ලුහුබැඳ යාම සිදු කරනු ලැබුවා.

ඒ අයුරින් පැරණිතම චක්‍රාවාටයන් විසින් විමෝචනය කරන ලද විවිධ තරංග ආයාමයන්ට අයත් ආලෝකය හෙවත් එම චක්‍රාවාටයන්ගේ වර්ණාවලි පරීක්ෂා කිරීමෙන් චක්‍රාවාට තුනක ආලෝකය උදාසීන හයිඩ්‍රජන් වායුව විශාල ප්‍රමාණයකින් අවශෝෂණය කරමින් තිබූ බවට සාක්ෂි පර්යේෂණ කණ්ඩායම විසින් සොයාගනු ලැබුවා.

“මින් අදහස් වන්නේ උදාසීන හයිඩ්‍රජන් වායුව චක්‍රාවාට ලෙස එකතු වෙමින් සිටින අයුරු අප දකින බවයි.”
අධ්‍යයන වාර්තාවේ සහාය කතුවර ඉහත Cosmic Dawn Center ( DAWN ) හි මහාචාර්ය Darach Jafar Watson පවසනවා.

මෙම චක්‍රාවාට උදාසීන, පාරාන්ධ වායුවෙන් පිරි සාගරයක දිදුලන දූපත් හා සමාන බව වාර්තාවේ ප්‍රධාන කතුවර Kasper Elm Heintz සඳහන් කරනවා.

Live Science, Space.com සහ Science ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!