zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Oppenheimer ඇකඩමිය පුපුරවයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



96 වැනි ඇකඩමි සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙ.ව. 4:30ට පමණ ලොස් ඇන්ජලීස් ⁣නුවර ඩොල්බි තියටර්ස්හි පැවැත්වුණා.

මෙහි දී ක්‍රිස්ටෝපර් නෝලන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ, පරමාණු බෝම්බය නිපදවීමෙහිලා තීරණාත්මක මෙහෙවරක් කළ විද්‍යාඥ ජේ. රොබට් ඕපන්හයිමර්ගේ කතාව රැගත්, ඕපන්හයිමර් (Oppenheimer) චිත්‍රපටය හොඳම චිත්‍රපටය බවට පත් වෙමින්, සම්මාන ගණනාවක් දිනා ගැනීමට සමත් වුණා.

මෙහි දී හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පත් වුණේ Oppenheimer චත්‍රපටයයි. හොඳම අධ්‍යක්ෂණය සඳහා වන සම්මානය Oppenheimer අධ්‍යක්ෂණය කිරීම වෙනුවෙන් ක්‍රිස්ටෝපර් නෝලන් වෙත ම හිමි වුණා. ඒ ඔහු හිමිකරගත් ප්‍රථම ඇකඩමි සම්මානය වීම විශේෂත්වයක්.

ඕපන්හයිමර්ගේ චරිතය රඟ දැක්වූ කිලියන් මර්ෆි හොඳ ම ප්‍රධාන නළුවාට හිමි සම්මානය දිනාගත්තා. එය ඔහු එම සම්මානය සඳහා නිර්දේශ වූ ප්‍රථම අවස්ථාව වීම විශේෂත්වයක්.

හොඳ ම ප්‍රධාන නිළියට හිමි සම්මානය Poor Things හි රඟපෑ Emma Stone විසින් හිමිකරගනු ලැබුණා.

හොඳ ම සහාය නළුවාට හිමි සම්මානය බොහෝ දෙනා පෙර සිට ම අපේක්ෂා කර තිබූ පරිදි Robert Downey Jr වෙත හිමි වුණා.

හොඳ ම සිනමා යාන්ත්‍රණය (best cinematography) සඳහා Oppenheimer සිනමා යාන්ත්‍රික වශයෙන් කටයුතු කළ Hoyte van Hoytema, ඇකඩමි සම්මානය දිනාගත් අතර, හොඳ ම සිනමා සංස්කරණය (best editing) සඳහා වන සම්මානය Oppenheimer සංස්කරණය ශිල්පිනිය වූ ජෙනිෆර් ලේම් (Jennifer Lame) දිනාගත්තා. එය එම සම්මානය සඳහා කාන්තාවක තේරී පත් වූයේ දශකයක කාලයකට පසු වීම ද විශේෂත්වයක්.

හොඳ ම මුල් සංගීත විහ්නය (best original score) සඳහා වන සම්මානය ද Oppenheimer වෙනුවෙන් Ludwig Göransson විසින් දිනාගනු ලැබුණා.

මෙවර ඇකඩමි සම්මාන උළෙලේ වැඩිම සම්මාන ගණනක් (13) සඳහා නිර්දේශ වී තිබුණේ ද Oppenheimer වීම විශේෂත්වයක්. ඉන් සම්මාන 7ක් දිනාගැනීමට Oppenheimer සමත් වුණා.

දෙ වැනියට වැඩි ම සම්මාන ගණනක් (11) සඳහා නිර්දේශ වී තිබුණේ විද්‍යා ප්‍රබන්ධයෙහි අනු ශානරයක් වශයෙන් හඳුනාගත හැකි Steampunk ශානරයට නෑකම් කියන බවට විචාරකයන්ගේ පැසසුමට පත් Poor Things චිත්‍රපටයයි.

සත්‍ය හෙට්ටිආරච්චි



Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!