zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අයිස් නැති ආක්ටික් ග්‍රීෂ්මය තවත් දශකයකින්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ෆොසිල ඉන්ධන දහනය හේතුවෙන් මීළඟ දශකයේ දී ම ආක්ටික් වෘත්තයට උදා වන ග්‍රීෂ්ම සමය, එහි අයිස් නොමැති වන තරමේ තත්ත්වයක් උදාකරනු ඇති බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

හිම වලසුන්, සීල් සතුන් වැනි අද්විතීය පරිසර පද්ධතියක උරුමකරුවන්ගේ වාසස්ථානය සුදු පැහැයේ සිට නිල් පැහැය ගනු ඇති බව විද්‍යාඥයන් පවසනවා. මෙම කාලය තුළ උත්තර ධ්‍රැවයේ අයිස් මහා පරිමාණයෙන් දිය වී මුහුදු ජලයට මුසු ව යනු ඇති අතර ඝන තත්ත්වයේ පවතිනු ඇතැ යි ගණනය කර ඇත්තේ වර්ග කිලෝමීටරයකට අඩු වපසරියක් පමණයි.

Nature Reviews Earth ­­& Environment ජර්නලයේ ඉකුත් දා පළ වූ මේ අධ්‍යයනයෙන් පෙන්වා දෙන්නේ ආක්ටික් වෘත්තයට උදා වනු ඇති බවට ගණනය කර තිබූ ‘අයිස්වලින් තොර යුගය’ පෙර ප්‍රක්ෂේපණයන්ට වඩා වසර දහයකට කලින් උදා වනු ඇති බවයි.

අධ්‍යයනයේ කතුවරුන් සඳහන් කරන්නේ අයිස්වලින් තොර සැප්තැම්බර් මාස 2035 සිට 2067 ඕනෑ ම වසරක උදා විය හැකි බවයි. එම කාල පරිච්ඡේදය තුළ මෙම සංසිද්ධිය සිදු විය හැකි නිශ්චිත වසර තීරණය වන්නේ මිනිසා දහනය කරන ෆොසිල ඉන්ධන ප්‍රමාණය මතයි.

“මෙයින් ආක්ටික් මුළුමනින් ම වෙනස් පරිසර පද්ධතියක් බවට පත් වනවා. සුදු පැහැති ආක්ටික් පරිසර පද්ධතිය, නිල් ආක්ටික් පරිසර පද්ධතියක් දක්වා වෙනස් වේ වි. මෙසේ අයිස්වලින් තොර තත්ත්වයක් ඇති වීම වැළැක්විය නො හැකි නමුත් එම තත්ත්වය දීර්ඝ කාලීන ව පැවැතීම වළක්වා ගැනීම සඳහා හැකි පමණින් ෆොසිල ඉන්ධන දහනය අවම කළ යුතුයි.” අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ වායුගෝලීය සහ සාගර විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය Alexandra Jahn පෙන්වා දෙනවා.

ඇති වීමට නියමිත මේ දේශගුණික විපර්යාස තත්ත්වය මත ආක්ටික්හි වෙසෙන වනසතුන් පමණක් නො ව වෙරළාසන්න ප්‍රදේශවල ජීවත් වන ජනතාව පවා පීඩාවට පත් වනු ඇති බව අධ්‍යයනයෙන් පර්යේෂකයෝ අවධාරණය කරනවා.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!