zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අභ්‍යවකාශ හිසේ කැක්කුම්වල වැඩි වීමක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

අභ්‍යවකාශ මෙහෙයුම්වල දී ක්ෂුද්‍ර ගුරුත්ව තත්ත්වය යටතේ ඇති විය හැකි ශාරීරික බලපෑම් සැලකිය යුතු මට්ටමින් හඳුනා ගන්නට අභ්‍යවකාශ වෛද්‍ය විද්‍යාව සමත් වී තිබෙනවා. මෑතක දී කරන ලද නව අධ්‍යයනයකින් පෙනී යන පරිදි මින් පෙර වාර්තා වී තිබුණාට වඩා වර්ථමාන ගගනගාමීන් අභ්‍යවකාශයේ දී වැළඳෙන හිසේ කැක්කුම් තත්ත්වවලට පත් වීමේ සම්භාවිතාව වැඩියි.

මෙම අධ්‍යයනයේ දී සති 26ක් දක්වා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වාසය කළ ගගනගාමීන් 24 දෙනෙක් සලකා බැලුණා. මේ සඳහා NASA, ESA සහ JAXA ගගනගාමීන් අයත් වුණා. හෙළි වූයේ ඉන් දෙදෙනෙකු හැරෙන්නට අන් සියලු දෙනාම එම කාල පරාසය තුළ අභ්‍යවකාශයේ දී හිසේ කැක්කුමකින් පීඩා විඳි බවයි.

මින් පෙර රැස්කරගෙන තිබූ තොරතුරු සමඟ සසඳා බලන විට මේ තරම් ප්‍රතිශතයක් එවැනි තත්ත්වයට පත් වීම පර්යේෂකයන් බලාපොරොත්තු වී තිබුණේ නැහැ. මේ හිස කැක්කුම් අතර ඉරුවාරදය සහ අභ්‍යවකාශයට පිවිසීමෙන් පසු ශුන්‍ය ගුරුත්වයට සිරුර හැඩගැසෙන කාල පරිච්ඡේදය තුළ ඇති වන හිසේ කැරකිල්ල ද වනවා.

බොහෝ විට අභ්‍යවකාශයට හැඩ ගැසෙන මුල් අවධියේ දී අත්දැකීමට සිදු වන හිසේ කැක්කුම් ඉරුවාරදයක ස්වභාවය ගන්නා අතර පසු ව ඇති වන හිස කැක්කුම් ආතතිය නිසා ඇති වන බවත් අධ්‍යයනය පෙන්වා දෙනවා.

“අපි උපකල්පනය කරනවා මුල් හිස කැක්කුම් තත්ත්වලට – එනම් පළමු වැනි සහ දෙවැනි සති ඇතුළත ඇති වන හිස කැක්කුම් හා පසු කාලීන ව ඇති වන කැක්කුම්වලට – බලපාන හේතු කාරණා වෙනස් බව.” අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වූ නෙදර්ලන්තයේ Leiden University Medical Centerහි ස්නායුවේදී WPJ van Oosterhout, Neurology ජර්නලයේ පළ කළ අධ්‍යයන වාර්තාවෙන් පවසනවා.

අධ්‍යයනයට භාජනය වූ ගගනගාමීන් 24 දෙනා අතරින් කාන්තාවකට සිටියේ එක් අයෙකු පමණයි. වසර 47ක සාමාන්‍ය වයසකින් යුතු වූ ඔවුන් 2011 නොවැම්බරයේ සිට 2018 ජුනි මාසය දක්වා කාලය තුළ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සේවය කර තිබුණා. 24 දෙනාගෙන් 22 දෙනෙකු ම එම කාලය තුළ වරින් වර හිසේ කැක්කුම් වාර්තා කර තිබුණා. ඔවුන්ගෙන් වාර්තා වූ මුළු හිසේ කැක්කුම් වාර ගණන 378ක්. අභ්‍යවකාශයේ සිට යළි පොළොව මතට ආ පසු ඉන් එක් අයෙකු හෝ මේ වන තෙක් එවැනි සෞඛ්‍ය තත්ත්වයකට පත් ව තිබුණේ නැහැ!

NASA ගගනගාමීන් 13ක්, ESA ගගනගාමීන් 6ක්, එක් JAXA ගගනගාමියෙක් සහ එක් කැනේඩියානු ගගනගාමියෙක් මේ අධ්‍යයනයට ගත් නියැදි අතර සිටියා. ඉන් එක් අයෙකු වත් අභ්‍යවකාශ ගමනට පෙර ඉරුවාරද තත්ත්වයන්ගෙන් පීඩා විඳ තිබුණේ නැහැ.

Reuters ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!