zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Microsoft සමාගමේ සහය ඇතිව ශ්‍රී ලංකාවේ පාසල්වල AI විෂය ඉගැන්වීම සඳහා නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

කෘත්‍රිම බුද්ධිය එසෙත් නැත්නම් AI පිළිබඳ පාඨමාලා, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියට හඳුන්වාදීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.


කෘතිම බුද්ධියට (AI) අදාළ ජාතික උපාය මාර්ගයක් සහ සැලැස්මක් සැකසීම සඳහා පත් කළ කාර්ය සාධක බලකායේ නිර්දේශ අනුව අධ්‍යාපන පද්ධතිය තුළ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා හඳුන්වාදීම සුදුසු බව පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී පැවති කැබිනට් රැස්වීමේදී තීරණය කළ බව රජය ප්‍රකාශ කළේය.


උපායමාර්ගික සැලැස්මේ කොටසක් ලෙස, සාමාන්‍ය අධ්‍යාපනයට කෘතිම බුද්ධි පාඨමාලා හඳුන්වාදීම සඳහා නියමු ව්‍යාපෘතියක් සැලසුම් කර ඇත.


ඒ අනුව Microsoft ආයතනයේ සහය ඇතිව එකී නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ජාතික අධ්‍යාපන ආයතනයේ නිර්දේශ මත Microsoft ආයතනය විසින් දැනට ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර විෂය නිර්දේශය සංශෝධනය කර අවශ්‍ය මූලික මානව සම්පත් ඇති පාසල්වල යෝජිත නියමු ව්‍යාපෘති 8 ශ්‍රේණියේ සිට ආරම්භ කිරීම, Microsoft ආයතනය මඟින් සපයනු ලබන පහසුකම් යටතේ නියමු ව්‍යාපෘතිය සඳහා තෝරාගත් පාසල් ඩිජිටල්කරණය කිරීම සහ Microsoft ආයතනය මගින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය ඉගැන්වීම සදහා ගුරුවරුන් 100 දෙනෙකු පුහුණුකරුවන් ලෙස පුහුණු කිරීම ද මේ නියමු ව්‍යාපෘතිය හරහා සිදුකරනු ලබනවා.

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!