zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

සතුරු හමුදාවක් විසින් පළමු වරට M1 Abrams යුද ටැංකියක් විනාශයට

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ඇමරිකාව විසින් යුක්‍රේනයට යුදාධාර වශයෙන් ලබා දෙන ලද M1 Abrams යුද ටැංකියක් ප්‍රථම වතාවට විනාශ කර දැමූ බව රුසියානු හමුදා සඳහන් කරනවා. M1 Abrams වර්ගයේ යුද ටැංකියක් මින් පෙර කිසි දිනක සතුරු හමුදාවකගේ ප්‍රහාරයකට ලක් ව විනාශයට පත් වී නොමැති වීම මෙහි ඇති විශේෂත්වයයි.

රුසියානු මාධ්‍ය සඳහන් කරන ආකාරයට මෙම යුද ටැංකිය විනාශයට පත් කර තිබෙන්නේ යුක්‍රේනයේ නැඟෙනහිරට වන්නට පිහිටි, ඉකුත් දා යළි රුසියානුවන්ගේ ග්‍රහණයට පත් Avdiivka නගරය ආසන්නයේ දී යි. පහර දීමට අදාළ බව පැවසෙන එක් වීඩියෝ පටයක දුහුවිල්ලෙන් වැසී ගිය බිම් කඩක් ඔස්සේ ගමන් කරන M1 Abrams යුද ටැංකියක ගුවනින් පටිගත කළ දර්ශනයක් දැක්වෙන අතර වෙනත් වීඩියෝ පටයක එම යුද ටැංකිය ගිනිගෙන දැවෙමින් පවතින ආකාරය දැක්වෙනවා. කෙසේ නමුත් ප්‍රහාරය නිකුත් කෙරෙනු හෝ එය යුද ටැංකිය සමග සම්මුඛ වන හෝ දර්ශන ඒ අතර නැහැ.

රුසියානු හමුදාවේ 15 වැනි සේනාංකය විසින් කැමිකාසෙ ඩ්‍රෝන යානයක් මඟින් යුද ටැංකිය වෙත ප්‍රහාර දියත් කළ බවත් ඉන් අනතුරුව ග්‍රෙැනේඩ ලෝන්චරයක් උපකාරයෙන් එය අවසන් කර දැමීමටත් කටයුතු කර ඇති බව එරට මාධ්‍ය සඳහන් කරනවා. ප්‍රහාරය දියත් කිරීම සඳහා කැමිකාසෙ ඩ්‍රෝන මෙහෙයවන කණ්ඩායම් ගණනාවක් ම M1 Abrams යුද ටැංකිය ලුහුබැඳීම සඳහා යොදවා සිටි බව රුසියානු බලධාරීන් සඳහන් කරනවා.

මෙම වීඩියෝපට දෙක සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණ⁣ය වන්නට පටන්ගෙන තිබෙනවා. රුසියානු බලධාරීන් අඩු පිරිවැයක් සහිත ඩ්‍රෝන යානාවකින් මෙතරම් බලගතු, නවීන පන්නයේ ඉහළ මූල්‍යමය වටිනාකමක් සහිත යුද ටැංකියක් විනාශයට පත් කිරීමට හැකි වීම පිළිබඳ ජයග්‍රාහී මානසිකත්වයෙන් පසු වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ඇමරිකා එක්සත් ජනපදය විසින් සිය M1 Abrams යුද ටැංකි 31ක් යුක්‍රේනය වෙත යුදාධාර ලෙස ලබා දෙනු ලැබුණේ ඉකුත් වසරේ අග භාගයේ දී යි. මෙම ප්‍රහාරයත් සමගින් යුක්‍රේනය සතු M1 Abrams යුද ටැංකි ගණන 30 දක්වා අඩු වී තිබෙනවා.

පසුගිය පෙබරවාරි 24 වැනි දාට යුක්‍රේන රුසියා යුද්ධයට වසර දෙකක් සපිරුණා.

Daily Mail සහ Forbes ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!